Showing posts with label ඡායාරූප. Show all posts
Showing posts with label ඡායාරූප. Show all posts
Saturday, August 12, 2017
Sunday, July 16, 2017
Friday, June 23, 2017
Sunday, June 11, 2017
Thursday, June 8, 2017
Tuesday, June 6, 2017
ජෛව මංකොල්ලය ??
මුදල් පසුපස වේගයෙන් හඹා යන විට තමන් සතු සෑම දෙයකට මිලක් නියම කර ඇත. ඉන් ඔබ්බට යමින් තමන් හා නිරන්තරයෙන් සුසංයෝගිව සිටින ස්වභාවදහමට ඒ අයුරින් සැලකීමට විවිධාකාරයෙන් උත්සහ කරයි. ඒ අතුරින් ජෛව මංකොල්ලය අන් කවරදාටත් වඩා අද ප්‍රබල වී ඇත. ශ්‍රී ලංකාවේ හමුවන ජීවින් හා ඔවුන්ගේ කොටස් නීති විරෝධි ලෙස රටින් පිටතට ගෙන යාම හෝ ගෙන යාමට උත්සහ කිරීම ජෛව සොරකම නම් වේ. මෙහි ප්‍රධාන අංග දෙක වන්නේ වන්නේ නීති විරෝධී බව සහ රහසිගත භාවයයි.
ජෛව සොරකමක් ලෙස ගණන් ගැනෙන්නේ එය අපේ රටේ සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනත, සත්ත්ව රෝග පනත, ධිවර හා ජලජ පනත වැනි පනතකට පටහැනිව අපනයනයට තැත් කිරීම හෝ අපනයනය කිරීමෙනි.
මෙරට හමුවන ජීවින් හෝ ඔවුන්ගේ කොටස් හා එම ජීවින් හා කොටස් ඇසුරින් සිදුකරන නිෂ්පාදන භාවිත කිරීමේ අයිතිවාසිකම් අහිමි කිරීම, සිමා කිරීම හෝ බාධා කිරීම සඳහා වෙනත් රටක බුද්ධිමය දේපල නීතිරීති භාවිතයට ගැනීම ජෛව මංකොල්ලයයි. මෙහිදී අහිමි වන්නේ භෞතික ද්‍රවයක් නොව ශ්‍රී ලංකාවට අහිමිව තිබෙන අයිතිවාසිකමක් හෝ අවස්ථාවකි. ජෛව සොරකම බොහෝ විට ජෛව මංකොල්ලය හා බැඳී පවතී. මෙසේ වන්නේ ප්‍රථමයෙන් නීති විරෝධී ලෙස රටින් බැහැරව ගෙන යන ජීවියා හෝ කොටස්වල ආයෝජන හඳුනාගැනීමට පසුව ඒවා ආවරණය වන සේ එම වෙනත් රටවල බුද්ධිමය දේපල අයිතිවාසිකම් මාලාවන් ලබාගැනීමයි. මේ නිසා ජෛව සොරකම හා ජෛව මංකොල්ලය පසුගිය වකවානුවේදී සීග්‍රයෙන් ඉහල යාමක් දක්නට ලැබිණි. එයට බලපාන හේතු වන්නේ,
- විවිධ අංශවලට අදාල නව නිර්මාණ හා නිෂ්පාදනවල අවශ්‍යතාව නොකඩවා ඉහළ යාම හා ඒ සඳහා කොටස් හා ජීවින් යොදා ගැනීමේ විභවය වැඩි වශයෙන් පෙනී යාම.
- විද්‍යාව හා තාක්ෂනයහි දියුණුවත් සමග පර්යේෂණ කිරීමේ නව ඉඩකඩ වැඩිවීම.
- දියුණු රටවල ඇති විශාල සමාගම් තව තවත් වර්ධනයවීමත් සමගින් ඒවා සතුව ඇති සම්පත් හා ඔවුන් සතු බලතල සීග්‍රයෙන් වර්ධනයවීම.
- බුද්ධිමය දේපල අයිතිවාසිකම් ජීවින් කරා ව්‍යාප්ත කරලීමට හා ඒවාට වැඩි වශයෙන් ගරු කිරීමට ලෝක වෙළඳ සංවිධනය හරහා ක්‍රියාත්ක වෙමින් පවත්නා වැඩපිළිවෙල.
Wednesday, May 31, 2017
Monday, May 29, 2017
Tuesday, May 23, 2017
Subscribe to:
Posts (Atom)
ඈ බාදුරවකි....
නෙත් යදින බැල්මක සගවාන මත්බව පහසක වතිර ගමි තව තවත් ලංව බාදුරාවක් බව දැන දැනම...









