Showing posts with label පරිසරය. Show all posts
Showing posts with label පරිසරය. Show all posts

Monday, August 7, 2017

සෙව්වන්දි ...


මිනිස් හදවත අසලම රැදෙමින් මල් ලොව මල් රැජිනිය ලෙස කිරුළු පලන් රෝස මලේ ඉතිහාසය, ෆොසිල අධ්‍යයනයන්ට අනුව අවු. මිලියන 35 ක් තරම් ඈතට දිව යන්නකි. පුරා විද්‍යාත්මක කැණීම්වලදී පොසිලකරණය වූ රෝස පෙති යුරෝපයෙන් හමුවී ඇති අතර ඊජිප්තු මමියන් අශ්‍රිතව කරන ලද කනිම්වලදීද මමීකරණය කළ දේහයන් සමග තැන්පත් කර තිබු රෝස පුෂ්පයන් සොයා ගැනීමට සමත් වී තිබෙනවා. ඒ වගේම මල් ලොව වඩාත් සංකීරණ වූ උද්භිත පවුලට හිමිකම් කියන්නෙත් රෝස පුෂ්පයයි. රෝස මලේ ව්‍යාප්තිය උතුරු අර්ධගෝලයේ රටවල් ආශ්‍රිතව සිදු වී තිබෙනවා. 
මිත්‍යා කතාවලට අනුව රෝස මලට නම ලැබී ඇත්තේ ඇෆොඩයිට් දෙවියෝ විසින්ය. මල බිහි කර ඇත්තේ මල්වලට අධිපති දෙවගන වූ ක්ලොරිස් විසින්ය.
තවද හින්දු පුරා වෘත්තයකට අනුව බ්‍රහ්ම හා විෂ්ණු අතර ලොව ලස්සනම මල පිලිබඳ පවසා ඇති අතර බ්‍රහ්මයාගේ තේරීම වී ඇත්තේ නෙලුම් මලයි. එහෙත් මිට පෙර බ්‍රහ්ම රෝස මලක් දැක නැත. විෂ්ණු රෝස මලේ රූ සිරි බ්‍රහ්මට විදහා පෑ විට එහි සත්‍යතාව පිළිගත් බ්‍රහ්ම ඊට කෘතවේදීත්වය දක්වමින් ලොකු රෝස පෙති 108 කින් හා කුඩා රෝස පෙති 1008 කින් ලක්ෂ්මියව මවා විෂ්ණුට බිරිද හැටියට සරණ පාවා දුන් බව කියවේ. 
රෝමන් අධිරාජ්‍ය සමයේදී බෝග වගාවට වෙනුවට රෝස මල් වගාවට වැඩි ඉල්ලුමක් පැවති බවට ඉතිහාසයේ කියවේ. රෝම අධිරජයවරුන් විසින් සිය නාන තටාකය රෝස මල් පෙතිවලින් පිරවූ බවත් රෝස මල් ඇතුරූ අතුරණයෙන් මත සැතපී සිටීමට ප්‍රිය කල බව පැවසේ. 

Wednesday, July 26, 2017

සැතපෙන මල ....

ස්පර්ශ කල සැනින් සිය පත්‍රයන් හකුලා ගන්නා නිසා සිංහලෙන් "නිදිකුම්බා" ලෙස නම් ලැබුවත් එහි උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ මිමොසා පුඩිකා (Mimosa pudica) යන්නයි. මිමෝසා යනු ග්‍රීක වදනක්. එහි අර්ථය සංවේදී පත්‍ර සහිත යන්නයි. පුඩිකා යන්න ලතින් භාෂාවෙන් පැමිණි නමකි. එහි අර්ථය ලජ්ජාශීලි යන්නයි. ද්‍රවිඩ භාෂාවෙන් තලවාඩි නමින් හැඳින්වෙන නිදිකුම්බා ග්‍රීක භාෂාවේදී හැඳින්වෙන්නේ මිමිකොස් (Mimikos) නමින්. ඉංග්‍රීසි සෙන්සිටිව් ප්ලාන්ට් (sensitive plant) නැත්නම් සිලිපින් ග්‍රාස් (sleeping grass) යනුවෙන් හැඳින්වෙනවා. නිදිකුම්බා අයත් වන්නේ ලෙගුමිනොසියා (Leguminosae) පවුලටයි. නිදිකුම්බා පැළෑටියේ ජන්ම භුමිය වශයෙන් සඳහන් වන්නේ බ්‍රසීලය. නවිකයන්ගෙන් හෝ වෙළෙන්දන් විසින් එය ලංකාවට ගෙන එන්නට ඇතැයි සැක කෙරෙනවා. 

ආයුර්වේදීය ඖෂධයක් වශයෙන්ද වැදගත්කමක් උසුලන නිදිකුම්බා තුවාල, වණ ආදිය සඳහා මෙන්ම පිටකොන්දේ අබාධ සඳහා අත්දුටු ගුණ සපයනවා. සාමාන්‍යයෙන් තණ පිටි ආදී විවෘත ඉඩකඩක වැඩෙන නිදිකුම්බා හිරු එලියට දැඩි සේ ඇලුම් කරනවා. හිරු එලිය නොවැටෙන විට කොළ හකුළුවා නින්දට වැඩෙන නිදිකුම්බා අවදිවන්නේ හිරු පායන විටය. අඟල් බාගයක පමණ වටකුරු මලේ ඇට 3,4 ත් අතර ප්‍රමාණයක් අඩංගු වේ. ග්‍රීක පොත පතේ සඳහන් තොරතුරු අනුව නිදිකුම්බා සම්බන්ධයෙන් කල කල අධ්‍යයන වසර 2000 කටත් වඩා පැරණිය. 

Sunday, July 16, 2017

ආඩම්බරකාරයා...



කුරුළු ලොව ආඩම්බරකාර  එමෙන්ම අලංකාර පක්ෂියා වන්නේ මොණරාය. ඒ අන් කිසිවක් නිසා නොව ඌට උරුම වී ඇති අලංකාර පිල් කළඹ නිසාමය. සත්ත්ව ලෝකයේදී ඉන්දියන් පිෆෞල්(Indian peafowl) ලෙසින් නම් කර ඇති මොණරා ජීව විද්‍යාත්මකව අයත් වන්නේ පසියානිදියා (Phasianidea) පවුලටය. මේ පවුලේ සාමාජිකයෙක් වූ වළි කුකුළාට, මොණරා නෑකම් කියනවා. අර්ධ ශුෂ්ක බිම්, වන ලැහැබවල් සහ වනාන්තර අශ්‍රිතව ජිවත්වන මෙම පක්ෂි වර්ගය සිය කුඩු පොලවේ ඉදි කරනවා. මොණරා අලංකාර වුවත්, මොනරාගේ ස්ත්‍රී පක්ෂියා වන සෙබඩ නම් ශරීරයේ පැහැය මිට වඩා වෙනස් ස්වරූපයක් ගන්නවා. සෙබඩට හිමි වන්නේ දුබුරු, අළු යන පැහැයන් මිශ්‍රිත වර්ණයක්. 
මොනරාට එවන් අලංකාර පිල් කළඹක් ලැබීම ගැන ග්‍රීක මිත්‍යා කතාවල සඳහන් වන්නේ මේ ආකාරයෙන්. හේරා දෙවගනගේ සුරූපී පුජකවරියක් වන අයෝ පිළිබඳව සියුස් දෙවියාට සිතක් පහළ විය. එහෙයින් හේරාගේ ඊර්ෂ්‍යාවට ලක් නොවන ලෙස සියුස් දෙවියා විසින් අයෝ එළදෙනක් බවට පත් කරන ලදී. එහෙත් උපායක් යොදා එම එළදෙන තමන් භාරයට ගත් හේරා සිය විශ්වාසවන්ත සේවක ආගස් වෙත පවරා දුන්නේ අයෝ, සියුස් හා මුණ ගැසීමෙන් වැලැක්වීම සඳහායි. ආගස්ගේ මුළු සිරුර පුරාම ඇස් පිහිටා තිබු නිසා එම කටයුත්ත අකුරටම ඉටු කිරීමට හැකි වුණා. ආගස්ගෙන් අයෝ මුදා ගැනීමේ වගකීම සියුස් දෙවියෝ විසින් පැවරුවේ හේමිස් දෙවියටය. හේමිස්, ආගිස් වශිකොට ඔහු නිද්‍රාවට පත් වූ පසු ඔහුව මරා දමන ලදී. සිය විශ්වාසවන්ත සේවකයාට ගෞරව පුද කිරීම සඳහා හේරා ඔහුගේ ඇස් සියල්ල එක් කර මොනරාගේ වලිගයේ තැම්පත් කරන ලදී. 
සිය සහකාරිය තෝරා ගැනීමේදී මොනරාට සිය පිල් කළඹ ඉතා වැදගත් සෙබඩ ඉදිරියේ රඟදෙන මොනරා අවානක සිරිය ගත් සිය පිල් කළඹ විදා හරින්නේ ආඩම්බරයෙන්. සාමානයෙන් ලාබාල මොනරුන් සතුව ඇත්තේ පිහාටු කිහිපයකින් සමන්විත වලිගයක් වැනි පිල් කළඹක්. ක්‍රමයෙන් ලිංගික පරිණත භාවයට පත්වන විට පිහාටු රැසකින් සමන්විත පිල් කළඹක් මොනරාට හිමි වේ. මේ අලංකාර පිල් කළඹේ පිහාටු සැම වසරකම ග්‍රීස්ම සෘතුවකම හැලි යනවා. 

Saturday, July 15, 2017

සල් මලේ කතාව ...

සල් ගස බෞද්ධයන්ගේ ගෞරවාදරයට පත් වූ වෘක්ෂයන් අතර වැදගත් තැනක් හිමි කර ගන්නවා. බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන පරිදි සිදුහත් කුමාරගේ උත්පත්තිය සිදු වී ඇත්තේ සල් ගසක් යටදීය. අපේ ව්‍යවහාරයට සල් ලෙස හැඳින්වුවත් එය උද්භිද විද්‍යා ලෝකයේදී හඳුන්වන්නේ කොරෝව්පිටා ගුවානේන්සිස්(Couroupita guianensis) යන නාමයෙන්. සල් අයත් වන්නේ ලෙසිට්ඩේසියා (Lecithydaceae) පවුලටයි. සාමාන්‍ය ඉංග්‍රීසි ව්‍යවහාරයට අනුව කැනන්බෝල් ට්‍රි (Cannonball Tree) යන නාමයෙන්ද හැඳින්වෙනවා. ඒ නම ලැබීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ සල් ගසේ ගෙඩිවල ස්වභාවයයි. කාලතුවක්කුවකට යොදන උණ්ඩ සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ කැනන්බෝල් ලෙසයි. සල් ගෙඩිවල හැඩයත් කාලතුවක්කුවට යොදන උණ්ඩවලට සමාන නිසා මේ නම ඊට ලැබී තිබෙනවා. 
සාමාන්‍යයෙන් සල් ගස් ගෘහස්තව වගා නොකරන වෘක්ෂ වර්ගයක්. එය වඩාත් දැකිය හැකි වන්නේ උද්‍යාන ආශ්‍රිතවයි. ඝර්ම කලාපිය දේශගුණයට හිමිකම් කියන සල් ගස සාමාන්‍යයෙන් අඩි 50 ක 75 පමණ උසට වර්ධනය වේ. සල් මල් සහ සල් ගෙඩි හටගන්නේ ගසේ දුඹුරු පැහැති කඳ කොටසේය. සාමාන්‍යයෙන් සල් ගසේ කොලයක් අගල් 6ක් දිගට වැඩෙනවා. සල් ගෙඩි තද ආවරණයකින් සමන්විත වුවත් එහි මදය ඇට සහිත ඉතාමත් මෘදු ජෙලි වැනි ස්වභාවයකින් යුක්තය. මේ මදයෙන් නික්මෙන්නේ තරමක් අප්‍රසන්න දුර්ගන්ධයක්.
  එහෙත් සල් මලින් නික්මෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් වූ ආකර්ශනීය සුවදක්. රතු හා රෝස මලින් නික්මෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් වූ ආකර්ශනීය සුවදක්. රතු හා රෝස පැහැයට හුරු මේ අපුර්වත්වයෙන් පිරි සල් මල සාමාන්‍යයෙන් අඟල් 3 ත් 5 ත් අතර ප්‍රමාණයකින් යුතු වෙනවා. 
සල් ගස දකුණු ඇමරිකාවේ ගුවානා ප්‍රදේශයට මෙන්ම ආසියාවේ ඇතැම් කලාපයන්ට අවේනික වුවක්. යුරෝපියන් විසින් දකුණු ඇමරිකාවෙන් සල් ගස සොයා ගැනීමට පෙර සිටම ආසියාවේ සල් ගස ව්‍යාප්තව පවතී බව ඉතිහාසයේ සඳහන්. සල් මල ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ජනප්‍රියව ඇත්තේ බුදු පුදට ගෙන යන මලක් ලෙසය. එහෙත් රුපලාවනය ලෝකයේ සල් මලෙන් නික්මෙන ආකර්ශනීය සුවඳට විශේෂ තැනක් හිමි වේ. එහි සුවඳ යොදා ගනිමින් බොහෝ සුවඳ විලවුන් ආදී රුපලාවනය නිෂ්පාදන වර්ග සිදු කරනු ලබනවා. ඇතැම් රටවල සල් ගෙඩි තද  පෘෂ්ටයයක් සහිත කටුව විවිධ ආකාරයෙන් ප්‍රයෝජනයට ගනු ලැබේ. දකුණු ඇමරිකානු ආදිවාසීන් සල් මදය මිරිකා සකස් කර ගත් පානය සල් ගෙඩියේ කටුවට දමා පානය සල් ගෙඩියේ කටුවට දමා පානය කල බවට පොතපතේ සඳහන් වේ. 

Thursday, June 22, 2017

ලෝකයේ හතරවැනි තැන හිමි අපේ වෘක්ෂය


ඉතිහාසගත තොරතුරුවලට අනුව ලෝකයේ පැරණිතම වෘක්ෂය ලෙස සැලකෙන්නේ ශ්‍රී මහා බෝධිය යි. දකුණු ඉන්දියාවේ නුග ගහට දෙවෙනි තැන හිමිවන අතර, තුන්වන තැන හිමිවන්නේ දකුණු ආසියාවට අයත් නොවන ගසකටයි. හතරවන තැන හිමිව ඇත්තේ අපේ රටේ ඇති සියඹලා ගසකටය. මහසෙන් රජතුමාගේ ඉතිහාසය හා බැඳුණු මෙම සියඹලා ගහ ගැන කියවෙන පුරාණ කතා බොහොමයක් තිබේ. රජරට වැසියන් වැදුම්පිදුම් කර ඇති මෙම වෘක්ෂයත් මහසෙන් රජ්ජුරුවන්ගේ ආත්මයත් දෙකක් කියන කාරණය ගැන හිතන්න ගම්මු එතරම් උත්සහ ගෙන නැහැ. ඔවුන් විශ්වාස කර ඇත්තෙත් සිතන්නට පුරුදුව ඇත්තෙත් ඒවා එකක් පමණක්ම බවයි.
පෞරාණික තොරතුරුවලින් හැඟෙන පරිදි මේ වෘක්ෂය වසර 1700ක පමණ අතීතයකට හිමිකම් කියයි. ගොවිතැන් කටයුතු, යක්ෂ දෝෂ, වසංගත රෝග දුරු කිරීම ආදී දේවලට භාරහාර වී නොයෙකුත් ආගමික වතාවත් මේ වෘක්ෂය ආශ්‍රිතව පවත්වා ඇති බවත් පැවසෙනවා. එදා ගම්මු මේ ගහ සලකා ඇත්තේ ඔවුන්ගෙ ජිවිතයේ කොටසක් ලෙසයි. එතරම් ගෞරවයක් භක්තියක් ඔවුන්ගේ සිත්වල තිබුණි. මේ වෘක්ෂය පිහිට ඇත්තේ එළහැර- බකමුණ පාරේ, පොළොන්නරු- හබරණ මාර්ගයෙන් බකමුණට යන විට ද, මාතලේ- දඹුල්ල පාරෙ නවුලාවලින් හැරී ද යා හැකිය.
මහසෙන් රජතුමා මෙම වෘක්ෂය පුජනියත්වයේ ලා සලකා තිබේ. රජතුමාගේ මරණයෙන්  පසුව වුවද අවට ගම්වාසීන්, ගොවියන් මේ ගහට වන්දනා මාන කරන්නට පටන්ගෙන තිබෙන අතර ඔවුන් එය නොකඩවා සිරිතක් වශයෙන් පවත්වාගෙන පැමිණ තිබෙනවා. අදටත් ගම්මු අතර විශ්වාසයක් ලෙස පවතින්නේ මහසෙන් රජ්ජුරුවන්ගේ අවතාරය මෙහි සැරිසරන බවය. නිදහසින් පසුව ප්‍රථම අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ ඩි.එස්.සේනානායක මැතිතුමා විසින් මේ ගහ වටකර වැටක් ඉදිකර ඒ අසලම වෙනම දේවාලයක් ද ඉදි කර තිබෙනවා. එම සියඹලා ගහේ අමුතුම ආකර්ශයක් තිබේ. පාරට නැමී තියෙන අතු නිසා ඒ අවට පරිසරයේ තියෙන්නේ සිහිල් බවකි. මින්නේරි දෙවියන්ගේ ආශීර්වාදය ලබාගන්න කියලා මෙතන පහුකරගෙන යන උදවිය පඩුරක් දාන්න අමතක කරන්නේ නැහැ.

මේ ගහට අමුතු නමක් පටබදිලා තියෙනවා. ඒ “ඔරු බැදි සියඹලාව” යනුවෙනි. එයට හේතුව මහසෙන් රජු එතුමාගේ ඔරුව බැදලා ගිහින් තියෙන්නේ මේ ගහේ. ඒ නිසා ගම්මු “ඔරු බැදි සියඹලාව” යනුවෙන් හඳුන්වයි. 

Sunday, June 11, 2017

විල්පත්තු ....


විල්පත්තු ජාතික වනෝද්‍යානය වයඹ සහ උතුරු මැද යන පළාත් දෙක පුරා විහිදී ඇත. එය ප්‍රමාණයෙන් හෙක්ටයාර 131,696 හෝ වර්ග සැතපුම් 505 කී. 1905 දී මෙය අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබ පසුව 1938 පෙබරවාරි මස 25 වැනිදා ජාතික වනෝද්‍යානයක් තත්වයට උසස් කරන ලදී. 1985 වසරේ සිට අනුරාධපුරයට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයන් සමග විල්පත්තු වනෝද්‍යානය සංචාරකයින්ට තහනම් ප්‍රදේශයක් විය. මෙම උද්‍යානයේ ප්‍රධානතම භූ ලක්ෂණය වන්නේ උල්පත් මගින් ජලය සැපයෙන විවිධ ප්‍රමාණයන්ගෙන් ඇති "විල්ලු" නමින් හැඳින්වෙන ප්‍රදේශය පුරා විසිරි ඇති ස්වාභාවිකව නිර්මාණය වී ඇති වැව්ය.
විල්පත්තුවේ බහුලව ඇත්තේ මිනිසා විසින් සාදන ලද වැව්ය. එහෙත් මේ කෘතීම වැව් සමග ස්වාභාවිකව නිර්මාණය වූ විල්ලු පටලවා නොගත යුතුය. ස්වාභාවිකව වෙරළක් සහිතවීම සහ නොගැඹුරු බව නිසා විල්ලු කෙරෙහි වන ජීවින් ආකර්ෂණය වෙයි. විශේෂයෙන් දිවියෝ ජලය බිමට සහ ගොදුරු දඩයම් කිරීමට විල්ලුවල නිතර සැරිසරති. මෙම ප්‍රදේශයේ විල්ලු 35ක් පමණද වැව් 25 පමණද ඇති අතර ඒවායින් අඩු වශයෙන් 10 ක් පමණ විශාල වැව්ය. මෙම වනෝද්‍යානයේ විශේෂිත අංගයක් වන්නේ නියං කාලයේ පවා සෑමතැනම ව්‍යාප්ත වී ඇති කොළ පැහැති ගස්වල්ය. පාරිසරික විශේෂඥයින් දක්වන්නේ මෙම වනෝද්‍යානය උතුර හා දකුණු දෙපසින් ගංගාවන් දෙකකින් මායිම් වී ඇති බවය.
ඒවා නම් උතුරින් මෝඩගම් ආරු සහ දකුණින් කලා ඔයයි. අප්‍රමාණ විල්ලු සහ වැව් සමග මෙම ගංගාවන් මගින් මෙම උද්‍යානයේ භූගත ජල ප්‍රමාණය ඉහල මට්ටමක පවතින අතර එමගින් ගස්වැල් සශ්‍රික වේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ මේ පිළිබඳව අදහස් දක්වන්නේ ජලාශ බහුලව පැවතීම දැනටමත් කිඹුලන් වැඩි ප්‍රමාණයක් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ජිවත් වන බවත්, එසේම මෙම පාරිසරික තත්වය කිඹුලන්ගේ බෝවීම සඳහා ආධාරකයක් බවය.  

ඈ බාදුරවකි....

නෙත් යදින බැල්මක  සගවාන මත්බව පහසක  වතිර ගමි තව තවත් ලංව  බාදුරාවක් බව දැන දැනම...