Sunday, June 11, 2017

අත්තක් උඩ බුම්මාගෙන.....


විල්පත්තු ....


විල්පත්තු ජාතික වනෝද්‍යානය වයඹ සහ උතුරු මැද යන පළාත් දෙක පුරා විහිදී ඇත. එය ප්‍රමාණයෙන් හෙක්ටයාර 131,696 හෝ වර්ග සැතපුම් 505 කී. 1905 දී මෙය අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබ පසුව 1938 පෙබරවාරි මස 25 වැනිදා ජාතික වනෝද්‍යානයක් තත්වයට උසස් කරන ලදී. 1985 වසරේ සිට අනුරාධපුරයට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයන් සමග විල්පත්තු වනෝද්‍යානය සංචාරකයින්ට තහනම් ප්‍රදේශයක් විය. මෙම උද්‍යානයේ ප්‍රධානතම භූ ලක්ෂණය වන්නේ උල්පත් මගින් ජලය සැපයෙන විවිධ ප්‍රමාණයන්ගෙන් ඇති "විල්ලු" නමින් හැඳින්වෙන ප්‍රදේශය පුරා විසිරි ඇති ස්වාභාවිකව නිර්මාණය වී ඇති වැව්ය.
විල්පත්තුවේ බහුලව ඇත්තේ මිනිසා විසින් සාදන ලද වැව්ය. එහෙත් මේ කෘතීම වැව් සමග ස්වාභාවිකව නිර්මාණය වූ විල්ලු පටලවා නොගත යුතුය. ස්වාභාවිකව වෙරළක් සහිතවීම සහ නොගැඹුරු බව නිසා විල්ලු කෙරෙහි වන ජීවින් ආකර්ෂණය වෙයි. විශේෂයෙන් දිවියෝ ජලය බිමට සහ ගොදුරු දඩයම් කිරීමට විල්ලුවල නිතර සැරිසරති. මෙම ප්‍රදේශයේ විල්ලු 35ක් පමණද වැව් 25 පමණද ඇති අතර ඒවායින් අඩු වශයෙන් 10 ක් පමණ විශාල වැව්ය. මෙම වනෝද්‍යානයේ විශේෂිත අංගයක් වන්නේ නියං කාලයේ පවා සෑමතැනම ව්‍යාප්ත වී ඇති කොළ පැහැති ගස්වල්ය. පාරිසරික විශේෂඥයින් දක්වන්නේ මෙම වනෝද්‍යානය උතුර හා දකුණු දෙපසින් ගංගාවන් දෙකකින් මායිම් වී ඇති බවය.
ඒවා නම් උතුරින් මෝඩගම් ආරු සහ දකුණින් කලා ඔයයි. අප්‍රමාණ විල්ලු සහ වැව් සමග මෙම ගංගාවන් මගින් මෙම උද්‍යානයේ භූගත ජල ප්‍රමාණය ඉහල මට්ටමක පවතින අතර එමගින් ගස්වැල් සශ්‍රික වේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ මේ පිළිබඳව අදහස් දක්වන්නේ ජලාශ බහුලව පැවතීම දැනටමත් කිඹුලන් වැඩි ප්‍රමාණයක් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ජිවත් වන බවත්, එසේම මෙම පාරිසරික තත්වය කිඹුලන්ගේ බෝවීම සඳහා ආධාරකයක් බවය.  

Saturday, June 10, 2017

ජනමාධ්‍යයේ සමාජීය බලපෑම


වර්තමාන සමාජයේ කාර්මීකරණයට ලක් වීමත් සමග තාක්ෂණයේ පවතින දියුණුව නිසා ජනමාධ්‍යයේ වර්ධනය වේගවත්ව සිදු වේ. පුවත්පත, රූපවහිනිය හා ගුවන්විදුලිය යන ජනමාධ්‍යයන් වර්තමාන සමාජයේ ග්‍රාහකයාගේ අත්‍යවශ්‍යය සන්නිවේදනය අංගයන් බවට පත් වී තිබේ. සමස්තයක් වශයෙන් ගත් විට මාධ්‍ය ආයතන හිමිකම එහි ප්‍රතිපත්ති කෙරෙහි සෘජුවම බලපෑමක් සිදු කරනු ලැබේ. මාධ්‍ය හිමිකම රාජ්‍ය හෝ පෞද්ගලික ආයතන ලෙස
වර්ගීකරණයට ලක් කල හැකිය. ජනමාධ්‍ය විසින් සමාජයට සිදු කරනු ලබන බලපෑම ප්‍රබලය. මාධ්‍ය ආයතනයක හිමිකාරිත්වය නිරූපණය වන්නේ අධ්‍යක්ෂක මණ්ඩලය තුලිනි. අධ්‍යක්ෂක මණ්ඩලයේ ප්‍රතිපත්ති හා තීරණ මාධ්‍ය ආයතනය තුල ක්‍රියාත්මක වේ. එකී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනු ලබන්නේ මාධ්‍යවේදීන් විසිනි. මාධ්‍යවේදියා තමා සේවය කරන මාධ්‍ය ආයතනය තුලදී බොහෝ විට අන්ධයකු, ගොළුවකු ලෙස ක්‍රියාත්මක වීමට සිදු වන්නේ හිමිකාරිත්වයේ බලපෑම හේතු වන නිසාය. මාධ්‍යවේදියාගේ ඇස්, කන් හා කට වසා දමන හිමිකරුවන් තම ප්‍රතිපත්තින් නිර්මාණශීලි ලෙස ග්‍රාහකයා වෙත ගෙන යාම සඳහා මාධ්‍යවේදීන් යොදා ගනී. හිමිකරුවන් සතු නිර්මාණශීලි නොවන ප්‍රතිපත්තීන් නිර්මාණශීලි බවට පත් කිරීමට මාධ්‍යකරුවන් යොදා ගනු ලැබේ. මාධ්‍යවේදීන් ප්‍රධන වශයෙන්,
  • ආයතනයකට සම්බන්ධ මාධ්‍යවේදීන්
  • නිදහස් මාධ්‍යවේදීන් ලෙස වර්ගීකරණය කල හැකිය.

නිදහස් මාධ්‍යවේදීන් ලෙස පුරවැසි මාධ්‍යකරුවන්ද ක්‍රියාත්මක වේ. ආයතනය තුල සේවය කරනු ලබන මාසිකව වැටුපක් ලබන මාධ්‍යවේදීන් මාණ්ඩලික මාධ්‍යවේදීන් ලෙස හඳුන්වනු ලැබේ. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් තමාගේ සේවය අනුව දීමනාවක් ලබා ගනු ලැබේ. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කලක් සේවය කිරීමෙන් පසු මාණ්ඩලික මාධ්‍යවේදියකු බවට පත්විය හැකිය.

හිමිකරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රතිපත්ති සඳහා ව්‍යාපාරික ප්‍රජාව, දේශපාලඥයින් හා අනුග්‍රාහක ආයතන බලපෑම් කරනු ලැබේ. එකී බලපෑමට යටත්ව මාධ්‍යවේදියා තම නිර්මාණශිලිත්වය යොදා ගෙන ප්‍රතිපත්ති සකස් කරනු ලැබේ. තමා සකස් කරන ලද ප්‍රතිපත්ති හා තීරණ ආශ්‍රයෙන් සකස් කරන ලද සංදේශය මගින් ග්‍රාහකයාට බලපෑමක් සිදු වේ. එය යහපත් මෙන්ම අයහපත් වුවක් විය හැකිය.

තම සංස්කෘතියේ පවතින සාරධර්ම පිරිහෙන ලෙස සංදේශ නිර්මාණය කිරීම නිසා ග්‍රාහකයාට සිදු වන්නේ අයහපත් වූ බලපෑමකි. එකී යහපත් හෝ අයහපත්  බලපෑම අවබෝධ කර ගැනීමට හෙවත් ජනමාධ්‍ය මගින් සමාජයට සිදුවන බලපෑම අවබෝධ කර ගැනීම සඳහා ග්‍රාහකයාට මාධ්‍ය සාක්ෂරතාව තිබීම වැදගත්ය. 

Thursday, June 8, 2017

ඔවුන්ටත් හිමි සොබාදහම ....


ලී පාලම ....


බෝගොඩ රජමහ විහාරය අසල පිහිටා තිබෙන ජාතික උරුමයක් ලෙස හැඳින්වෙන බෝගොඩ පාලම 16 වන ශතවර්ෂයේ දඹදෙණි යුගයේදී තැනුවකි. අවු. 400 ක් පමණ පැරණි මෙම පාලම සම්පුර්ණයෙන්ම වගේ ඉදිකර ඇත්තේ දැව යොදා ගනිමිනි. ඒවා එකම ගසකින් කපාගත් ලී දඬු යැයි විශ්වාස කෙරේ. බෝගොඩ ඔය ඉහලින් ඉදිකර ඇති මේ රමණිය දැව පාලම අවට පරිසරයත් සමග එක් වී ගෙන එන්නේ සුන්දර දසුනකි. අඩි 50ක් දිග අඩි 15 පළල ශක්තිමත් ලී කණු දෙකක් පමණක් පාලමේ බර දරා සිටි. 
වහලය සිංහල උළු භාවිත කොට සෙවිලි කර ඇති අතර දෙපස අත්වැට අලංකාර කැටයම් මෝස්‌තර යොදා ගනිමින් නිර්මාණය කර ඇත. මෙහි විශේෂත්වය වන්නේ පාලම තැනීමේදී කිසිම තැනක එකදු ඇණයක් හෝ භාවිත නොකිරීමයි. එහි සියලු කොටස් හොඳින් එකිනෙකට සම්බන්ධවන ආකාරයෙන් නිමවා ඇත. 

මෙම පාලම ගැන කථා කරන විට බෝගොඩ මහරජ විහාරය ගැන ද සඳහන් කළ යුතුමය. පාලමෙන් එතෙර පිහිටි විහාරය වැඳ පුදා ගැනීමට පැමිණෙන පිරිස් වෙනුවෙන් පෙර රජ සමයේ මෙම පාලම ඉදිකරන්නට ඇතැයි සැලකේ. ගුහාවක් ආශ්‍රිතව ඉදිකර ඇති බෝගොඩ රජමහ විහාරය ද ඓතිහාසික වැදගත්කමකින් යුතුවන අතර ක්‍රි.පූ. 1 වන සියවසටත් පෙර ඈත අතීතයට විහාරයේ ඉතිහාසය දිවෙයි. ගුහාවේ සිට විවිධ ස්ථානවලට දිවෙන උමං මාර්ග පිළිබඳව ද නොයෙක් පුරාවෘතයන් වෙයි. එක් පුරාවෘත්තයකට අනුව එක් උමං මාර්ගයක් නාරංගල කඳු පංතිය දෙසට දිවෙයි. තවත් පුරාවෘත්තයකට අනුව තවත් උමං මගක් කතරගම දේවාලය දෙසට ද තවකක් මහනුවර, දෝව මහරජ විහාරයට සහ තවත් බොහෝ ස්ථානවලට ද විහිදී ඇත. වළගම්බා රජු සැගවී සිටියේ ද රාවණා රජු සීතාව පැහැරගෙන ඇවිත් සඟවාගෙන සිටි ස්ත්‍රිපුර ගුහා මේ යැයි ද විශ්වාස කෙරේ.


උපාසක රංගනය ....


Tuesday, June 6, 2017

ජෛව මංකොල්ලය ??


මුදල් පසුපස වේගයෙන් හඹා යන විට තමන් සතු සෑම දෙයකට මිලක් නියම කර ඇත. ඉන් ඔබ්බට යමින් තමන් හා නිරන්තරයෙන් සුසංයෝගිව සිටින ස්වභාවදහමට ඒ අයුරින් සැලකීමට විවිධාකාරයෙන් උත්සහ කරයි. ඒ අතුරින් ජෛව මංකොල්ලය අන් කවරදාටත් වඩා අද ප්‍රබල වී ඇත. ශ්‍රී ලංකාවේ හමුවන ජීවින් හා ඔවුන්ගේ කොටස් නීති විරෝධි ලෙස රටින් පිටතට ගෙන යාම හෝ ගෙන යාමට උත්සහ කිරීම ජෛව සොරකම නම් වේ. මෙහි ප්‍රධාන අංග දෙක වන්නේ වන්නේ නීති විරෝධී බව සහ රහසිගත භාවයයි.

ජෛව සොරකමක් ලෙස ගණන් ගැනෙන්නේ එය අපේ රටේ සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනත, සත්ත්ව රෝග පනත, ධිවර හා ජලජ පනත වැනි පනතකට පටහැනිව අපනයනයට තැත් කිරීම හෝ අපනයනය කිරීමෙනි. 
මෙරට හමුවන ජීවින් හෝ ඔවුන්ගේ කොටස් හා එම ජීවින් හා කොටස් ඇසුරින් සිදුකරන නිෂ්පාදන භාවිත කිරීමේ අයිතිවාසිකම් අහිමි කිරීම, සිමා කිරීම හෝ බාධා කිරීම සඳහා වෙනත් රටක බුද්ධිමය දේපල නීතිරීති භාවිතයට ගැනීම ජෛව මංකොල්ලයයි. මෙහිදී අහිමි වන්නේ භෞතික ද්‍රවයක් නොව ශ්‍රී ලංකාවට අහිමිව තිබෙන අයිතිවාසිකමක් හෝ අවස්ථාවකි. ජෛව සොරකම බොහෝ විට ජෛව මංකොල්ලය හා බැඳී පවතී. මෙසේ වන්නේ ප්‍රථමයෙන් නීති විරෝධී ලෙස රටින් බැහැරව ගෙන යන ජීවියා හෝ කොටස්වල ආයෝජන හඳුනාගැනීමට පසුව ඒවා ආවරණය වන සේ එම වෙනත් රටවල බුද්ධිමය දේපල අයිතිවාසිකම් මාලාවන් ලබාගැනීමයි. මේ නිසා ජෛව සොරකම හා ජෛව මංකොල්ලය පසුගිය වකවානුවේදී සීග්‍රයෙන් ඉහල යාමක් දක්නට ලැබිණි. එයට බලපාන හේතු වන්නේ, 
  • විවිධ අංශවලට අදාල නව නිර්මාණ හා නිෂ්පාදනවල අවශ්‍යතාව නොකඩවා ඉහළ යාම හා ඒ සඳහා කොටස් හා ජීවින් යොදා ගැනීමේ විභවය වැඩි වශයෙන් පෙනී යාම. 
  • විද්‍යාව හා තාක්ෂනයහි දියුණුවත් සමග පර්යේෂණ කිරීමේ නව ඉඩකඩ වැඩිවීම. 
  • දියුණු රටවල ඇති විශාල සමාගම් තව තවත් වර්ධනයවීමත් සමගින් ඒවා සතුව ඇති සම්පත් හා ඔවුන් සතු බලතල සීග්‍රයෙන් වර්ධනයවීම. 
  • බුද්ධිමය දේපල අයිතිවාසිකම් ජීවින් කරා ව්‍යාප්ත කරලීමට හා ඒවාට වැඩි වශයෙන් ගරු කිරීමට ලෝක වෙළඳ සංවිධනය හරහා ක්‍රියාත්ක වෙමින් පවත්නා වැඩපිළිවෙල. 

ඈ බාදුරවකි....

නෙත් යදින බැල්මක  සගවාන මත්බව පහසක  වතිර ගමි තව තවත් ලංව  බාදුරාවක් බව දැන දැනම...