සමාජය තුල මාධ්‍ය පරිහරණය බහුල වීම නිසා ඒ හා බැඳුනු සමාජ චර්යා රැසක් පහළ විය. එම ජිවන වෙනස්කම "මාධ්‍ය සංස්කෘතියක් " ලෙස හඳුනා ගනී. නව භෞතික සම්පත් සමාජය තුලට දායක වන්නා සේම නව සමාජ චර්යා රටාවන් ද ඒ තුලින් ඇතිවේ. පෙර මිනිසුන් ජනශ්‍රැතිය හා බැඳෙමින් ජිවත් වුවද මාධ්‍ය සංස්කෘතිය ඇතිවීමක් සමග චර්යත්මාක වෙනස්කම් රැසක් සිදුවුණි.
උදා- කවි, කතා ආච්චි, සීයාගෙන් ඇසු දරුවන් අද ගුවන්විදුලිය රුපවාහිනිය, පරිඝණක, තැටි ඇසුරු කරගෙන සන්නිවේදනාත්මක ව දැනුම තොරතුරු විනෝදය ලබා ගැනීමට යොමු වීම. මෙය චර්යාත්මක වෙනස්වීමක් ඇති කිරීමට හේතුවකි.
ආකල්පමය වෙනසක් ද මාධ්‍ය සංස්කෘතිය තුලින් ඇති වේ. මිනිසාට දැනුම පිපාසාව, තොරතුරු පිපාසාව මාධ්‍ය සමාජය හඳුන්වාදීම නිසා ඇති වුවකි. මේ අනුව ලොව වටා, රට වටා තොරතුරු එක් රැස්කරගෙන විවිධ විශයකරුණු වලින් පරිණත වී බුද්ධිමය විමසුමකින් ජීවත්වීමට මාධ්‍ය පරිශීලනය තුලින් හැකි විය. මේ තුලින් තොරතුරු ලොවක අප ජීවත්වනවා යන ආකල්පය වෙනස ජනතාව ලබා ගනී.
මාධ්‍ය සංස්කෘතිය ඔස්සේ නව අදහස්, නව ප්‍රතිරුප ගොඩනගන්නට විය. සමාජයේ හතරවන බලයක් ලෙස මාධ්‍ය ක්‍රියාත්මක වන ආකාරයේ ප්‍රතිරූපයක් මිනිසාට ලබා දී ඇත. මිනිස් ක්‍රියාකාරකම් මෙහෙයවන රටක් මෙහෙයවන, තරමේ ප්‍රතිරුප වර්තමාන ජනමාධ්‍ය තුල පවතී. එසේම දිනපතා නැවුම් බැවින් මාධ්‍ය ප්‍රතිරූප ඉදිරිපත් වේ.
සමාජය හකුලා දැමීමක් මාධ්‍ය තුලින් සිදු නොවේ. ගතානුගතිකත්වයෙන් මිදි විවෘත ලෝකයක් ලෙසින් සමාජ සන්නිවේදන රටාවන් වර්තමානයේ පහළ වී තිබීමත්, මාධ්‍යහි දියුණුවත් සේම සමාජයේ නවීකරණයවීමක් ද ඉන් ඇති වී තිබේ. ජාලකාර ලෝක සන්නිවේදන රටාව තුල මිනිසාට නව සන්නිවේදන රටාවන් පුරුදු කර ඇත. අන්තර්ජාලය හා සැරිසරමින් ර්- මේල් යැවීම, මුහුණු පොත තුලින් අන්තර්ජාතික මහජන සම්බන්ධතා පවත්වා ගැනීම, ස්කයිප් භාවිතාව ආදී සමාජ නවීකරණ මාධ්‍ය රටාවන් සමග මිනිසා සන්නිවේදන කටයුතු කිරීමට පුරුදු වුයේ මාධ්‍ය සංස්කෘතිය නිසා ඇති වූ "සමාජ නවීකරණ" බලපෑම් නිසාය.
Good concept
ReplyDeletethank you
ReplyDelete