සල් ගස බෞද්ධයන්ගේ ගෞරවාදරයට පත් වූ වෘක්ෂයන් අතර වැදගත් තැනක් හිමි කර ගන්නවා. බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන පරිදි සිදුහත් කුමාරගේ උත්පත්තිය සිදු වී ඇත්තේ සල් ගසක් යටදීය. අපේ ව්‍යවහාරයට සල් ලෙස හැඳින්වුවත් එය උද්භිද විද්‍යා ලෝකයේදී හඳුන්වන්නේ කොරෝව්පිටා ගුවානේන්සිස්(Couroupita guianensis) යන නාමයෙන්. සල් අයත් වන්නේ ලෙසිට්ඩේසියා (Lecithydaceae) පවුලටයි. සාමාන්‍ය ඉංග්‍රීසි ව්‍යවහාරයට අනුව කැනන්බෝල් ට්‍රි (Cannonball Tree) යන නාමයෙන්ද හැඳින්වෙනවා. ඒ නම ලැබීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ සල් ගසේ ගෙඩිවල ස්වභාවයයි. කාලතුවක්කුවකට යොදන උණ්ඩ සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ කැනන්බෝල් ලෙසයි. සල් ගෙඩිවල හැඩයත් කාලතුවක්කුවට යොදන උණ්ඩවලට සමාන නිසා මේ නම ඊට ලැබී තිබෙනවා.
සාමාන්‍යයෙන් සල් ගස් ගෘහස්තව වගා නොකරන වෘක්ෂ වර්ගයක්. එය වඩාත් දැකිය හැකි වන්නේ උද්‍යාන ආශ්‍රිතවයි. ඝර්ම කලාපිය දේශගුණයට හිමිකම් කියන සල් ගස සාමාන්‍යයෙන් අඩි 50 ක 75 පමණ උසට වර්ධනය වේ. සල් මල් සහ සල් ගෙඩි හටගන්නේ ගසේ දුඹුරු පැහැති කඳ කොටසේය. සාමාන්‍යයෙන් සල් ගසේ කොලයක් අගල් 6ක් දිගට වැඩෙනවා. සල් ගෙඩි තද ආවරණයකින් සමන්විත වුවත් එහි මදය ඇට සහිත ඉතාමත් මෘදු ජෙලි වැනි ස්වභාවයකින් යුක්තය. මේ මදයෙන් නික්මෙන්නේ තරමක් අප්‍රසන්න දුර්ගන්ධයක්.
එහෙත් සල් මලින් නික්මෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් වූ ආකර්ශනීය සුවදක්. රතු හා රෝස මලින් නික්මෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් වූ ආකර්ශනීය සුවදක්. රතු හා රෝස පැහැයට හුරු මේ අපුර්වත්වයෙන් පිරි සල් මල සාමාන්‍යයෙන් අඟල් 3 ත් 5 ත් අතර ප්‍රමාණයකින් යුතු වෙනවා.
සල් ගස දකුණු ඇමරිකාවේ ගුවානා ප්‍රදේශයට මෙන්ම ආසියාවේ ඇතැම් කලාපයන්ට අවේනික වුවක්. යුරෝපියන් විසින් දකුණු ඇමරිකාවෙන් සල් ගස සොයා ගැනීමට පෙර සිටම ආසියාවේ සල් ගස ව්‍යාප්තව පවතී බව ඉතිහාසයේ සඳහන්. සල් මල ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ජනප්‍රියව ඇත්තේ බුදු පුදට ගෙන යන මලක් ලෙසය. එහෙත් රුපලාවනය ලෝකයේ සල් මලෙන් නික්මෙන ආකර්ශනීය සුවඳට විශේෂ තැනක් හිමි වේ. එහි සුවඳ යොදා ගනිමින් බොහෝ සුවඳ විලවුන් ආදී රුපලාවනය නිෂ්පාදන වර්ග සිදු කරනු ලබනවා. ඇතැම් රටවල සල් ගෙඩි තද පෘෂ්ටයයක් සහිත කටුව විවිධ ආකාරයෙන් ප්‍රයෝජනයට ගනු ලැබේ. දකුණු ඇමරිකානු ආදිවාසීන් සල් මදය මිරිකා සකස් කර ගත් පානය සල් ගෙඩියේ කටුවට දමා පානය සල් ගෙඩියේ කටුවට දමා පානය කල බවට පොතපතේ සඳහන් වේ.
No comments:
Post a Comment