කුරුළු ලොව ආඩම්බරකාර එමෙන්ම අලංකාර පක්ෂියා වන්නේ මොණරාය. ඒ අන් කිසිවක් නිසා නොව ඌට උරුම වී ඇති අලංකාර පිල් කළඹ නිසාමය. සත්ත්ව ලෝකයේදී ඉන්දියන් පිෆෞල්(Indian peafowl) ලෙසින් නම් කර ඇති මොණරා ජීව විද්‍යාත්මකව අයත් වන්නේ පසියානිදියා (Phasianidea) පවුලටය. මේ පවුලේ සාමාජිකයෙක් වූ වළි කුකුළාට, මොණරා නෑකම් කියනවා. අර්ධ ශුෂ්ක බිම්, වන ලැහැබවල් සහ වනාන්තර අශ්‍රිතව ජිවත්වන මෙම පක්ෂි වර්ගය සිය කුඩු පොලවේ ඉදි කරනවා. මොණරා අලංකාර වුවත්, මොනරාගේ ස්ත්‍රී පක්ෂියා වන සෙබඩ නම් ශරීරයේ පැහැය මිට වඩා වෙනස් ස්වරූපයක් ගන්නවා. සෙබඩට හිමි වන්නේ දුබුරු, අළු යන පැහැයන් මිශ්‍රිත වර්ණයක්.
මොනරාට එවන් අලංකාර පිල් කළඹක් ලැබීම ගැන ග්‍රීක මිත්‍යා කතාවල සඳහන් වන්නේ මේ ආකාරයෙන්. හේරා දෙවගනගේ සුරූපී පුජකවරියක් වන අයෝ පිළිබඳව සියුස් දෙවියාට සිතක් පහළ විය. එහෙයින් හේරාගේ ඊර්ෂ්‍යාවට ලක් නොවන ලෙස සියුස් දෙවියා විසින් අයෝ එළදෙනක් බවට පත් කරන ලදී. එහෙත් උපායක් යොදා එම එළදෙන තමන් භාරයට ගත් හේරා සිය විශ්වාසවන්ත සේවක ආගස් වෙත පවරා දුන්නේ අයෝ, සියුස් හා මුණ ගැසීමෙන් වැලැක්වීම සඳහායි. ආගස්ගේ මුළු සිරුර පුරාම ඇස් පිහිටා තිබු නිසා එම කටයුත්ත අකුරටම ඉටු කිරීමට හැකි වුණා. ආගස්ගෙන් අයෝ මුදා ගැනීමේ වගකීම සියුස් දෙවියෝ විසින් පැවරුවේ හේමිස් දෙවියටය. හේමිස්, ආගිස් වශිකොට ඔහු නිද්‍රාවට පත් වූ පසු ඔහුව මරා දමන ලදී. සිය විශ්වාසවන්ත සේවකයාට ගෞරව පුද කිරීම සඳහා හේරා ඔහුගේ ඇස් සියල්ල එක් කර මොනරාගේ වලිගයේ තැම්පත් කරන ලදී.
සිය සහකාරිය තෝරා ගැනීමේදී මොනරාට සිය පිල් කළඹ ඉතා වැදගත් සෙබඩ ඉදිරියේ රඟදෙන මොනරා අවානක සිරිය ගත් සිය පිල් කළඹ විදා හරින්නේ ආඩම්බරයෙන්. සාමානයෙන් ලාබාල මොනරුන් සතුව ඇත්තේ පිහාටු කිහිපයකින් සමන්විත වලිගයක් වැනි පිල් කළඹක්. ක්‍රමයෙන් ලිංගික පරිණත භාවයට පත්වන විට පිහාටු රැසකින් සමන්විත පිල් කළඹක් මොනරාට හිමි වේ. මේ අලංකාර පිල් කළඹේ පිහාටු සැම වසරකම ග්‍රීස්ම සෘතුවකම හැලි යනවා.

No comments:
Post a Comment