වර්තමානය වන විට
සංචාරක කර්මාන්තය යනු ශීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතින ක්ෂේත්‍රයකි. ලොව පවතින
සංවර්ධනය වෙමින් පවතින හා සංවර්ධනය වූ රටවල් බොහොමයක් සංචාරක කර්මාන්තයේ නියැලී
සිටි. විශේෂයෙන් රටකට විදේශ විනිමය හා ආදායම් උත්පාදනය කිරීමේ කර්මාන්තයක් ලෙස මෙය
වර්ධනය වී තිබේ. රටකට ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට හා තරුණ පිරිස් සඳහා
රැකියා අවස්ථා උදා කර දීමට සංචාරක ව්‍යාපාරය නිසා හැකියාව උදා වී තිබේ. දෙවන ලෝක
යුද්ධයෙන් පසු ඇති වූ තාක්ෂණික වර්ධනය සමග සංචාරක ක්ෂේත්‍රයේ ද ශිග්‍ර වර්ධනයක්
දැක ගත හැකි විය. ඈත අතීතයේ සිටම මිනිසා සංචරණයේ නිරත වී තිබෙන අතර තම සුපුරුදු
පරිසරයෙන් මිදී තාවකාලික වශයෙන් වෙනත් ගමනාන්තයකට ගමන් කිරීමට මිනිසා පුරුදු වී
සිටියහ. බොහෝ විට තමා ගත කළ අවිවේකි වූ ජිවන රටාව තරමක් දුරට හෝ වෙනස් කිරීමට එහි
මුලික අරමුණ විය. මෙම සංචරණ ක්‍රියාවලියේ යෙදෙන පුද්ගලයා “සංචාරකයා” යනුවෙන්
හඳුන්වන අතර එම පුද්ගලයා තම සුපුරුදු නවාතැනින් බැහැරව දින කීපයක් ගතකර තම නවාතැනට
පැමිණේ. විනෝදය, සෞඛ්‍ය, අධ්‍යාපනය, ක්‍රීඩා, ශාරීරික අවශ්‍යතා හා
වාණිජ අරමුණු පරමාර්ථ මුල් කර ගනිමින් සංචාරක කර්මාන්තයේ යෙදීම මේ වන විට සිදු වේ.
සංචාරක කර්මාන්තයට පොලඹවනු ලබන හේතුවක් ලෙස ආර්ථිකමය සාධක වැදගත් වේ. රටක ආදායම
ඉහල තත්වයකට ලගා කර දීම හා අතිරික්ත ආදයාමක් උපයා ගැනීමේ හැකියාව මේ නිසා උදා වේ.
බොහෝ සංවර්ධිත රටවල ප්‍රධාන ආදායම් මාර්ග අතරින් එකක් ලෙස මෙම සංචාරක ව්‍යාපාරය
භාවිත කරනු ලැබේ.
සංචරණය සඳහා සංචාරකයා
යොමු වීමේදී ඔහුගේ හෝ ඇයගේ අවශ්‍යතා ඉටු කර ගැනීම මුලික අවශ්‍යතාව වේ. එම අවශ්‍යතා
ඉටු කර ගැනීමේදී මුල්‍යමය වශයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථාව සංචරණය කරනු ලබන
පුරවැසියාට හිමි වේ. ආහාර, නවාතැන්, ප්‍රවාහනය, ප්‍රවාහනය, සෞඛ්‍ය යන ආදී විවිධ
වූ අවශ්‍යතා සපයා දීම මගින් මිනිසුන් තම ආර්ථිකය සරු කිරීමට උත්සහ ගනී. 20 වන සියවසේ දී පමණ
සංචාරක ව්‍යාපාරයේ වර්ධනය ලොව පුරා සිදු වූ අතර මුල් කාලීනව සංචරණයේ යෙදිය හැකි
වුයේ ආර්ථික සරු රදලයන්ට පමණකි. විශේෂයෙන්ම එම කාලයේදී රෝමවරු, ග්‍රීසිය, ඊජිප්තුව වැනි රටවල
වෙරළබඩ නිකේතන කරා ඇදී ආ බව ද වාර්තා වේ. කර්මිකකරණයෙන් පසු ඇති ප්‍රවාහන ක්ෂේත්‍රයේ
දියුණුව සමග මිනිසුන් බොහෝ දෙනෙකු සංචාරක කටයුතුවල නියලීමට යොමු විය. දුම්රිය
සේවාවන් හා දුම් නැව් සේවා ආරම්භ වීමත් සමග අභ්‍යන්තර හා බාහිර වෙළදාම දියුණුව සමග
සංචාරක ව්‍යාපාරයට ද නව පණක් ලැබිණි. සංචාරක ව්‍යාපාරයේ වර්ණවත් වූ යුගය එළඹෙන්නේ
විසිවන සියවසේ 1970 දශකයේ උදාවත් සමගය. මේ වන විට සාමාන්‍ය
පවුලකට අපහසුවක් නොමැතිව මිලට ගත හැකි ලාභදායි චාරිකා කට්ටල(packaged tour) ප්‍රධාන පෙලේ චාරිකා
මෙහෙයුම්කරුවන් විසින් අලෙවි කිරීම ආරම්භ විය. බ්‍රිතාන්‍ය පාලනයෙන් මිදෙන විට
ලංකාව යහපත් විදෙස් විනිමය සංචිතයක් ගොඩ නැගුණ තේ, රබර්, පොල් අපනයන ආර්ථිකයක්
මත රැඳුනු යහපත් ආර්ථික පසුබිමක් විය. නමුත් 1960 වන විට එම තත්වය
වෙනස් මගකට ගෙන එමින් ආර්ථික වශයෙන් පහල මට්ටමකට පත් වී තිබේ. විදේශ සම්පත්වල
ක්ෂයවිමත් හා ඇය වැය ශේෂය පිලිබඳ ගැටලුකාරී තත්වයන් ඇති විය. තවද නිදහසින් පසු අධ්‍යාපන
ක්ෂේත්‍රයේ වර්ධනය සමග පාසලෙන් පිටවන හා විශ්වවිද්‍යාලයෙන් පිටවන තරුණ පිරිසගේ
විරැකියාව ඉහළ යාමේ ගැටලුවට මුහුණ දීමට රජයට සිදු විය. මෙතෙක් කල් පුර්ණ විශ්වාසය
තබා තිබු තේ, රබර්, පොල් වැනි අපනයන
බෝගවල මිල ගණන් අඩු වීම හා ලෝක වෙළඳපොලේ තරගකාරී පරිසරය තුල විදේශ විනිමය ලබා
ගැනීමේ ක්‍රමයන් රජයට අවශ්‍ය විය. ඒ උදෙසා වඩාත් උචිතම ක්‍රමය වන්නේ සංචාරක ව්‍යාපාරය
වේ.
රටක් සංවර්ධනය කරා
ගෙන යාමේ ගමන් මාර්ගයේ මුලික පියවරක් ලෙසට සංචාරක ව්‍යාපාරය හඳුන්වා දිය හැකිය. ශ්‍රී
ලංකාව තුල සංචාරක ව්‍යාපාරය විධිමත්ව ක්‍රියාත්මක කිරීම උදෙසා ලංකා සංචාරක මණ්ඩලය 1966 මැයි මස 01 සිට පිහිටුවන ලදී. 1966 අංක 10 දරණ සංචාරක මණ්ඩල පනතෙහි දක්වා ඇති
පරිදි සංචාරක මණ්ඩලය පිලිටුවීමේ ප්‍රධන අරමුණ වන්නේ,
(අ) සංචාරක චාරිකා සඳහා අනුබල දීම, ප්‍රවර්ධනය හා සංවර්ධනය
කිරීම.
(ආ) ප්‍රමාණවත්, කාර්යක්‍ෂම හා
ආකර්ශනීය සංචාරක පහසුකම් සඳහා අනුබල දීම, ප්‍රවර්ධනය කිරීම හා
සංවර්ධනය කිරීම.
මෙම පනතේ මුලික අරමුණ
වී ඇත්තේ සංචාරක ව්‍යාපාරය කාර්යක්ෂමව හා ඵලදායි ලෙස මෙරට තුල ස්ථාපනය කිරීම වේ.
නමුත් වැදගත් වන්නේ එකී සංවිධානය හේතු කොට ගෙන රටේ පවතින සංවර්ධන තත්වය නගා
සිටිවිමට අවශ්‍ය වන්නාවූ සියලු ක්‍රියා මාර්ග ගැනීම වේ.
ඉන්පසු 1967 – 1976 දස අවුරුදු සංචාරක සැලැස්ම මගින් දීර්ඝ කාලින ලෙස සංචාරක කර්මාන්තයේ
උන්නතිය උදෙසා පියවර තබන ලදී.
(අ) ලංකාවට පැමිණෙන හා ලංකාව ඇතුලත ජාත්‍යන්තර
චාරිකා හා සංචරණයේ උපරිම වර්ධනයක් ලගා කර දීම.
(ආ) ජාත්‍යන්තර සංචරණයේ අවශ්‍යතාවන්ට හා
සංචාරක චිභාවතාවන්ට අනුරූපව සමස්ත ශ්‍රී ලංකාවේ ආකර්ෂණය හා අවස්ථාවන් මැනවින් යොදා
ගත හැකි වන සේ සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම.
(ඇ) ශ්‍රී ලංකාවේ තිරසාර ආර්ථික
යහසිද්ධියක් සැලසෙන අයුරු චාරිකා වෙළඳ පොළවල් ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩපිළිවෙලක්
සැලසීම.
(ඈ) විදේශ අමුත්තන් හා දේශීය ප්‍රජාව අතර
සමාජීය අන්තර් සම්බන්ධත්වන් සඳහා අවස්ථා වර්ධනය කිරීම සහ ශ්‍රී ලාංකිකයන්
සඳහා අතිරේක දේශීය චාරිකා හා ක්‍රීඩා පහසුකම් සැලසීම.
(ඉ) විදේශ විනිමය ඉතිරිකර විදෙස් මුදල්
ඉපයීමේ නිෂ්පාදිත කර්මාන්තවල නව රැකියා අවස්ථා උදා කිරීම මගින් ශ්‍රී ලංකාවේ
ආර්ථික සංවර්ධනයට දායක වීම.
(ඊ) ශ්‍රී ලංකාවේ සමාජීය, සංස්කෘතික හා
ඓතිහාසික පදනම නගා සිටුවමින් හා සංරක්ෂණය කරමින් එම පරමාර්ථයෙන් කුඨප්‍රාප්ත
කිරීම.
මෙම දස වසර සැලැස්මේ දැක්වෙන
කරුණුවලට අනුව රටේ සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනය කළ යුතු අංශ පිලිබඳ අවධානය යොමු කර
තිබේ.
තිරසාර සංවර්ධනය යනු
රටක පවතින ස්වභාවික සම්පත් මතු පරපුරට ආරක්ෂා කරමින් ඒවා භාවිත කිරීම මගින් රටක්
සංවර්ධනය කරා ගමන් කිරීමයි. විදේශ විනිමය ලබා ගැනීමේ ප්‍රධාන මුලාශ්‍රයක් හා රජයට
මුදල් ලබා ගැනීමෙන් ආර්ථිකය සරු කර ගැනීමේ ප්‍රධන මුලාශ්‍රයක් බවට මෙය පත් වී
තිබේ. මේ වන විට ද සංචාරක කර්මාන්තය වර්ධනය සඳහා පියවර ගෙන තිබෙන අතර ඒ මගින් රට
සංවර්ධනය කිරීම සඳහා කටයුතු කිරීමට පෙළඹිය යුතු කාලය එළඹී තිබේ.
“සංවර්ධනය යනු ආර්ථික සංවර්ධනය පමණක් නොව
ඕනෑම රටක් මානව වර්ගයා, ජාතියක්, භාෂාවක්,ආගමක්,සමාජයක්,දැනුම් ප්‍රමාණයක්
නැති මට්ටමක සිට ඇති මට්ටමක් දක්වා පත් කිරීමයි.”
- සර්. ආතර් ලුවිස්-
යනුවෙන් සංවර්ධනය
යන්න විග්‍රහ කර තිබේ. රටක් හඳුන්වනු ලබන සංවර්ධන යන්න විග්‍රහ කර තිබේ. රටක්
හඳුන්වනු ලබන සංවර්ධන ක්‍රියාදාමය සමාජයේ සුභදායි වෙනසක් විප්ලවයක් ඇති කරනු ලබයි.
තවද මෙහි දැක්වෙන පරිදි සංවර්ධනය යන්න ආර්ථික සංවර්ධනයට පමණක් සිමා නොවූවකි. එනම්
එය,
- භෞතික
සංවර්ධනය
- අධ්‍යාත්මික
සංවර්ධනය
යනුවෙන් වර්ග කල හැකි
වන අතර මෙම දෙපාර්ශවයේම සංවර්ධනය සාර්ථක සංවර්ධනයක් ලෙස පෙන්වා දිය හැකිය. භෞතික
සංවර්ධනය මුලික වශයෙන් ආර්ථික සංවර්ධනය, අධ්‍යාපනික සංවර්ධනය, සංස්කෘතික සංවර්ධනය, පාරිසරික සංවර්ධනය හා
සෞඛ්‍ය සංවර්ධනය ලෙස වර්ගීකරණයට ලක් කල ද ආර්ථික සංවර්ධනය ඉන් ප්‍රධන වේ. මන්ද යත්, භෞතික සංවර්ධනයට අදාළ
අනෙකුත් සංවර්ධන අංශයන්ගේ ක්‍රියාකාරිත්වය හා පදනම තීරණය වන්නේ ආර්ථික සංවර්ධනය මත
වීම නිසාය. නමුත්, සංවර්ධනය යන්න ආර්ථික සංවර්ධනයට පමණක්
සිමා නොවේ. එයට ආධ්‍යාත්මික සංවර්ධනය ද අත්‍යවශ්‍යය වේ. ආර්ථික සංවර්ධනයෙන් රට
සංවර්ධනය කිරීමෙහි ලා ප්‍රධාන මුලාශ්‍රය ලෙස සංචාරක කර්මාන්තය හඳුන්වා දිය හැකිය.
ලංකාව යනු ස්වභාවික සම්පත් හා කලා නිර්මාණයන්ගෙන් ස්වයං පෝෂිත රටකි. එකී සංස්කෘතික
උරුමයන් පවතින රටේ කලාංගයන් පිලිබඳ වටිනාකමක් ඇති කිරීම මගින් සංචාරක ව්‍යාපාරය නව
මානයක් කරා ගෙන යා හැකිය.
- ස්පර්ශිත
සංස්කෘතික උරුමයන් (Tangible
cultural Resources)
- අස්පර්ෂිත
සංස්කෘතික උරුමයන් (Intangible cultural Resources)
යනුවෙන් සංස්කෘතික
උරුමයන් කොටස් දෙකකට වෙන් කළ හැකිය. ආසියාතික රටක් වන ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ
ආකර්ශනීය මධ්‍යස්ථානයක් වීම සඳහා බලපාන හේතු සාධක අතර, සංස්කෘතිය, ස්වභාවික සම්පත්, ජාතීන්ගේ විවිධත්වය
යන අංග පෙන්වා දිය හැකිය. ස්පර්ශිත සංස්කෘතික උරුමයන් යනු මිනිසාට තම දෑතින්
ස්පර්ශ කර සුන්දරත්වය දැනුම විඳ ගත හැකි සංස්කෘතික උරුමයන් වේ. මේ යටතට ගොඩනැගිලි, ස්මාරක, පොත්පත්, නිර්මාණ යන සියල්ල
අයත් වේ. පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ගොඩනැගිලි,ස්තුප, වෙහෙර විහාර, කැටයම් නිර්මාණ, මානව කෘතීන් යන
සියල්ල ද ස්පර්ශිත සංස්කෘතික උරුමයන් වේ.
උදාහරණ වශයෙන්
අනුරාධපුර පොළොන්නරු සිද්ධස්ථාන, සීගිරිය, ඇම්බැක්කේ ලී කැටයම්, පුස්කොළ පොත්, ඉසුරුමුණි පෙම් යුවල
වැනි මිනිසාට ස්පර්ශ කර දැනුම ගත හැකි හා සුන්දරත්වය විඳ ගත හැකි උරුමයන් වේ. මෙම
අස්පර්ෂිත සංස්කෘතික උරුමයන් යනු ජනශ්‍රැතිය, සම්ප්‍රධායන්,භාෂාවන්,දැනුම, ආකල්ප හා විශ්වාසයන්
වේ. මෙම අස්පර්ෂිත සංස්කෘතිය නොකඩවා පරම්පරාවෙන් පරම්පරාවට දායාද වේ. අස්පර්ෂිත
සංස්කෘතියේ ඇති ශක්තිමත් බව මත ස්පර්ශිත සංස්කෘතිය නිර්මාණය වී තිබීම හඳුනා ගත
හැකිය. මෙකි සංස්කෘතික උරුමයන් හා සංචාරක ව්‍යාපාරය එකිනෙකට සම්බන්ධ කර ගැනීම
මගින්,
- එම
සංස්කෘතික උරුමයන් ආරක්ෂා වීම හා නඩත්තුව සිදු වේ.
- සංචාරක
ව්‍යාපාරයේ සංවර්ධනය හා රටේ සංවර්ධනය සිදු වීම
යන අංශ දෙකම සංවර්ධනය
වීම සිදු වේ. තවද මෙරට පවතින ස්වදේශික සංස්කෘතික උරුමයන් හා සංස්කෘතික ආකර්ෂණයන්
පිළිබඳව සංචාරකයින් ප්‍රවර්ධනය කිරීම හරහා විදේශ විනිමය ලබා ගැනීමට කටයුතු කල
හැකිය. සංචාරකයින් නවාතැන් ගන්නා හෝටල් හා නවාතැන් ගන්නා කාමර දේශීය සංස්කෘතිය හා
දේශීය සෞන්දර්යාත්මක අගය පිළිඹිබු වන අයුරින් නිර්මාණය කිරීමටත්, දේශීය ආහාර පිළිබඳව
විදේශිකයින් දැනුවත් කිරීම, ආයුර්වේදය හා එම ප්‍රතිකාර පිලිබඳ
දැනුවත් කිරීම හා ඒ මගින් විදේශ විනිමය ලබා ගනිම සිදු කළ හැකිය. ආර්ථික
සංවර්ධනය කිරීම සඳහා මෙරට පවතින සංස්කෘතිය හා උරුමයන් ආරක්ෂා කර ගනිමින් එහි
වටිනාකම හා අගය පිලිබඳ දේශීය හා විදේශීය සංචාරකයින්ට ලබා දිය යුතුය. රටක පවතින
සංස්කෘතිය වෙනත් රටක විදේශිකයන්ට නව අත්දැකීමකි. එම අත්දැකීමේ පවතින සුන්දරත්වය
විඳ ගැනීමට අවස්ථාව සලසා දීමට කටයුතු කල යුතුය.
එය තිරසාර
සංවර්ධනයකි. තවද දේශීය කලාවන්වල පාරම්පරික උරුමය හා ඒ සඳහා හැකියාව පවතින තරුණ
තරුණියන් සඳහා රැකියා අවස්ථා උරුම කර දීම සිදු කල යුතුය. එනම්, වෙස්මුහුණු, බතික්, පන් කර්මාන්තය, වැනි දේශීය
සංස්කෘතියේ ගැබ් වී පවතින සංස්කෘතික උරුමයන් ශ්‍රී ලංකික තරුණයින් මගින් ප්‍රවර්ධනය
කල යුතුය. ඒ සඳහා විදේශිකයින්ට අධ්‍යාපනය ලබා දීම හා විදේශිකයින් නවාතැන් ගන්නා
ස්ථානවල එම කලාංගවලට යොමු වන පරිදි පරිසරය සකස් කර අමතර ලෙස විදේශ විනිමය උපයා
ගැනීමටත් තරුණයින්ගේ රැකියා වියුක්තියට පිළියම් කිරීමටත් හැකියාව පවතී. එපමණක් නොව
සංචාරක මගපෙන්වන්නන් සඳහා අත්දැකීමට එහා ගිය ආධ්‍යාත්මික වටිනාකමක් ලබා දීම මගින්
විදේශිකයින්ට මෙරට පිලිබඳ විද්‍යාත්මක, සමාජීය, ආගමික හා සංස්කෘතික
තොරතුරු රැසක් සම්ප්‍රේෂණය කිරීම කල හැකිය. සනුමෙන් සන්නද්ධ වන දේශීය මගපෙන්වන්නන්
නිසා මෙරට විදේශ විනිමය ඉහල මට්ටමකට ලගා කර ගත හැකි අතර මෙරට සංස්කෘතිය ප්‍රවර්ධනය
කල හැකිය.
මෙරට පවතින ස්වභාව සෞන්දර්ය
විඳ ගත හැකි පරිදි හා ඒ පිලිබඳ දැනුම ලබා ගත හැකි නවතම සංකල්පයක් වන රූ දෙස සංචරණය
(Eco Tourism) පෙන්වා දිය හැකිය. රූ දෙස සංචරණයේදී
මුලධර්ම ලෙස පහත දැක්වෙන කරුණු කෙරෙහි අවධනය යොමු වී තිබේ.
1. සංචරණයේදී ස්වභාවික පරිසරයට හා
සංස්කෘතියට සිදු වන අයහපත් බලපෑම වලක්වා ගැනීම
2. සංචාරක කර්මාන්තය ධරණිය තත්ත්ව යටතේ
වර්ධනය කිරීම. (තිරසාර සංවර්ධනය)
3.
දේශීය නිෂ්පාදන භාවිතය අවධාරණය කිරීම හා
ආර්ථිකය ප්‍රතිලාභ වැඩි ප්‍රතිශතයක් අදාල රට තුල රඳවා ගැනීම
4. පරිසර හිතකාමී ලෙස හා සංවේදී ලෙස තැනු
සංචාරක යටුතල පහසුකම් භාවිතයට ගැනීම. උදා- පාරිසරික නවාතැන්
මෙහි දැක්වෙන කරුණු
මගින් පෙනී යන්නේ සංවර්ධන ක්‍රියාදාමය හා ඉන් ප්‍රතිලාභ ලබා ගැනීමට මෙන්ම රටේ
පවතින සංවර්ධන ක්‍රියාදාමය ශක්තිමත් කිරීමට සංචාරක ව්‍යාපාරය වැදගත් බවය.
මෙරට දේශීය නිෂ්පාදන පමණක් මෙරට තුලදී
භාවිතයට නෛතික වශයෙන් කටයුතු කිරීම මගින් දේශීය දේ භාවිතයට හා දේශීය සංස්කෘතිය
වර්ධනයට අවකාශය හිමි වේ. තවද විදේශිකයින් සඳහා අත්කම් වෙළඳාම හා ඒවා නිර්මාණය සඳහා
විදේශිකයින් පෙළඹවීම ද කිරීම මගින් විදේශ විනිමය හා රටක සංස්කෘතික හා ආර්ථික
සංවර්ධනය ලගා කර ගත හැකිය. එපමණක් නොව විදේශීය දේශීය සංචාරකයන්ගේ
සෞඛ්‍ය තත්වය යහපත් මට්ටමකට ගෙන ඒම සඳහා නවාතැන් පහසුකම්වල සිටින වෛද්‍යවරුන්ගේ
නිර්දේශය මත තම සෞඛ්‍යයට හිතකර ආහාර රටාවකට සංචාරකයා හුරු කල හැකිය. නිරතුරුවම
අවිවේකි ජිවිතයක් ගත කරනු ලබන සංචාරකයා තම සංචාරය තුලදී තම සෞඛ්‍ය කෙරේ ආකල්පයක්
ඇති කිරීමට පෙළඹීම මගින් පුද්ගල සෞඛ්‍ය සංවර්ධනය ඉහල මට්ටමකට ලගා කර ගත හැකිය. ලෙඩ
රෝග සඳහා ශ්‍රී ලංකාවට විශේෂිත නිල ප්‍රතිකාර හා ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම පිලිබඳ
සංචාරකයා දැනුවත් කල හැකි අතර ඒ සඳහා සංචාරකයා යොමු කිරීම මගින් මෙරට පවතින වෛද්‍ය
ප්‍රතිකාර පිළිබඳව විදේශීය ජනතාව තුල යහපත් ආකල්පයන් ඇති කිරීමට මෙන්ම ඒ මගින්
මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය මෙන්ම විදේශීය විනිමය ලබා ගැනීමටත් ආර්ථික
සංවර්ධනය ද උදා කර ගත හැකිය. සංචාරක ව්‍යාපාරය යනු ඈත අතීතයේ සිටම පුද්ගල අවශ්‍යතා
මත නිර්මාණය වී පවතින සංකල්පයක් වන අතර මෙම සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කිරීම මගින්
රටේ සංවර්ධනය තිරසාර සංවර්ධනයක් දක්වා ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමට මෙරට
සංස්කෘතියේ හා උරුමයේ කොටස්කරුවන් වන සියලු ශ්‍රී ලාංකිකයන්ගේ වගකීමකි.
gooooood
ReplyDeletethank you
Deleteniyamai machan !
ReplyDeletethank you
Deletethank you
ReplyDeleteImportant article
ReplyDeletethanku you
ReplyDeleteA great job.....👍👍perfect work....
ReplyDeleteබොහොම ස්තුතියි.
ReplyDeleteThis is very useful for me.thank you so much.
ReplyDeleteThis is very useful for me.thank you so much
ReplyDelete