Monday, August 14, 2017

පරිකල්පනය හා සබැඳි නිර්මාණකරණය ...


නිර්මාණාත්මක සංදේශකරණයේදී පරිකල්පනය අතිශය වැදගත් කාර්ය වේ. නිර්මානකරණයේදී නිර්මාණ විශිෂ්ටත්වයට පත් කළ හැක්කේ පරිකල්පන හැකියාව මගිනි. අපුර්වත්වය නිර්මානයක තිබිය යුතුය. අපුර්වත්වය යනු පුර්වයෙහි නොතිබූ යනුයි. එම අපුර්ව ගුණය ග්‍රාහකයා තුළ රසයක් හෙවත් ආනන්දයක් ජනිත කරයි. මෙකි අපුර්වත්වයකින් යුතු නිර්මාණාත්මක සංදේශයන් නිර්මාණය කළ හැක්කේ පරිකල්පනය තුලිනි. 
පරිකල්පනයේදී විවිධ අත්දැකීම් සහ කල්පනා ලෝකයේ ජනිතවන කල්පනාවන් කිසියම් නිර්මාණාත්මක ප්‍රකාශනයන් ලෙස ප්‍රතිනිර්මාණය කිරීම සිදු වන්නේ පරිකල්පනය මගිනි. පරිකල්පනය යනු යමක් නවමු ආකාරයකින් නැවත නිර්මාණය කිරීමකි. පරිකල්පන හැකියාව පුද්ගලයකුගේ ප්‍රතිභාව අනුව තීරණය වේ. එය වයුත්පත්තිය හා සතත අභ්‍යාසය තුලින් ප්‍රවර්ධනය කළ හැක. 
සංදේශකරණයේදී පරිකල්පන ක්‍රියාවලිය සඳහා සාධක කීපයක් බලපානු ලැබේ. නිර්මාණකරුවා කම්පනයට පත්කල අත්දැකීම් හෝ කල්පනාව මෙන්ම ඔහු ලබා තිබු පෙර අත්දැකීම් හා දැනුමද පරිකල්පනවට හේතු වේ. 

නිර්මාණාත්මක සන්නිවේදකයකු තුළ තිබෙන ප්‍රකාශ වීමේ අවශ්‍යතාව පරිකල්පනය සඳහා පොළඹවනු ලබන සාධකයකි. එය වඩාත් අර්ථවත් කර ගැනීම සඳහා ඔහු ප්‍රගුණ කරගෙන ඇති ශිල්පිය දැනුමද ඉවහල් වේ. නිර්මාණකරුවා තම නිර්මාණය තුලින් සමාජය තුළ කිසියම් වෙනසක් හෙවත් සමාජ කාර්යක් ඉටු කරයි. පරිකල්පනය සඳහා  නිර්මාණකරුවාගේ අත්දැකීම්, ප්‍රකාශවීමේ අවශ්‍යතාවය, ශිල්පිය දැනුම, ජිවන අත්දැකීම් හා නිර්මාණය යන කරුණු වැදගත් වේ. ඒ සඳහා ඔහු තුල තිබෙන ජිවන අත්දැකීම්ද බලපෑම් කරයි. පරිකල්පන ක්‍රියාවලිය මේ සියලු සාධකයන්ගේ බලපෑමට ලක්වේ.  

1 comment:

ඈ බාදුරවකි....

නෙත් යදින බැල්මක  සගවාන මත්බව පහසක  වතිර ගමි තව තවත් ලංව  බාදුරාවක් බව දැන දැනම...