Saturday, August 12, 2017

මාධ්‍යට විචාරයක් අවශ්‍යයද????


මාධ්‍ය විචාරය යන්න සමාජයක් තුල සමාජීය අවශ්‍යතා මත නිර්මාණය වන්නකි. මාධ්‍ය ග්‍රහණය කරගන්නා සාමාන්‍ය ජනතාවට එය විනිවිද දැක්වීමට ඇති හැකියාව අවම වන නිසා මාධ්‍ය විචාරයක සහය අවශ්‍ය වේ. මෙහිදී ඕනෑම මාධ්‍යයකට පවතින්නා වූ සාක්ෂරතාවන් මාධ්‍ය විචාරකයින් විසින් සමාජයේ පුරවැසියා පවරා දීමට සිදු වේ. සංජානනය ඉහල මට්ටමකට පවත්වා ගැනීමට මාධ්‍ය විචාරකයින්ගේ විචාරයන් ග්‍රාහකයාට අත්‍යවශය වේ. බොහෝ සන්නිවේදන මාධ්‍යන්හි සන්නිවේදනය සංකීරණය. එහි මතුපිට අර්ථයට අමතරව යටි අර්ථයක් ද ගැබ් ව ඇත. එයින් ග්‍රාහකයා වෙත සෘජු පණිවුඩයක් මෙන්ම වක්‍රකාර පණිවුඩයක් ද ගෙන එයි. බොහෝ අවස්ථාවල දී මාධ්‍ය සංදේශයන්හි යටි පෙළ ග්‍රාහකයා හඳුනා නොගනී. ඒ සඳහා ග්‍රහකයට මාධ්‍ය විචාරය උපකාර කරගත හැකිය. 
මෙහිදී විචාරකයා සමාජයේ අවශ්‍යතාවන් පෙරදැරි කරගෙන මාධ්‍ය විචාරයට මැදිහත් වීම නිසා ජනමාධ්‍ය පෝෂණයට එය ඉවහල් වේ. එනම් මාධ්‍ය විචාරය මගින් මාධ්‍යයන් විවරණය වන නිසා මාධ්‍ය නිර්මාණකරුවන්ට තම නිර්මාණ පුළුල් ලෙස විමර්ශනය කිරීමට හැකි වේ. එමගින් මාධ්‍ය විචාරකයා ග්‍රාහකයාගේ ශක්තිය ඉහල නංවයි. එමගින් ග්‍රාහකයා හා මාධ්‍ය අතර සිදුවන සන්නිවේදනය වඩාත් ඉහල මට්ටමකට ගෙන යයි. මාධ්‍ය විචාරකයා මාධ්‍ය ක්‍රියාවලිය වක්‍ර ලෙස මෙහෙයවන්නෙකි. මෙහිදී නිර්මාණකරුවන්ට මාධ්‍ය සංදේශ සකසන්නට වෘත්තීය මට්ටමෙන් ප්‍රතිපොෂණයක් ලබා දෙමින් බලපෑම් සිදු කිරීම මාධ්‍ය විචාරයෙන් සිදු වේ. එමෙන්ම නව නිර්මාණ බිහි කිරීමට තම චින්තනය මෙහෙයවීමට මාධ්‍ය විචාරකයා විසින් නිර්මාණකරුවන්ට මග පෙන්වයි. එසේම මාධ්‍ය ක්‍රියාකාරිත්වය අගයන්නට හා ප්‍රතිපත්ති සම්පාදනයන් සඳහා ද මින් මග පෙන්වයි. රජය මෙන්ම විවිධ ආයතන ද මාධ්‍ය ක්‍රියාකාරිත්වය ඇගයීමට ලක් කරයි. 

No comments:

Post a Comment

ඈ බාදුරවකි....

නෙත් යදින බැල්මක  සගවාන මත්බව පහසක  වතිර ගමි තව තවත් ලංව  බාදුරාවක් බව දැන දැනම...