Wednesday, July 26, 2017

සැතපෙන මල ....

ස්පර්ශ කල සැනින් සිය පත්‍රයන් හකුලා ගන්නා නිසා සිංහලෙන් "නිදිකුම්බා" ලෙස නම් ලැබුවත් එහි උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ මිමොසා පුඩිකා (Mimosa pudica) යන්නයි. මිමෝසා යනු ග්‍රීක වදනක්. එහි අර්ථය සංවේදී පත්‍ර සහිත යන්නයි. පුඩිකා යන්න ලතින් භාෂාවෙන් පැමිණි නමකි. එහි අර්ථය ලජ්ජාශීලි යන්නයි. ද්‍රවිඩ භාෂාවෙන් තලවාඩි නමින් හැඳින්වෙන නිදිකුම්බා ග්‍රීක භාෂාවේදී හැඳින්වෙන්නේ මිමිකොස් (Mimikos) නමින්. ඉංග්‍රීසි සෙන්සිටිව් ප්ලාන්ට් (sensitive plant) නැත්නම් සිලිපින් ග්‍රාස් (sleeping grass) යනුවෙන් හැඳින්වෙනවා. නිදිකුම්බා අයත් වන්නේ ලෙගුමිනොසියා (Leguminosae) පවුලටයි. නිදිකුම්බා පැළෑටියේ ජන්ම භුමිය වශයෙන් සඳහන් වන්නේ බ්‍රසීලය. නවිකයන්ගෙන් හෝ වෙළෙන්දන් විසින් එය ලංකාවට ගෙන එන්නට ඇතැයි සැක කෙරෙනවා. 

ආයුර්වේදීය ඖෂධයක් වශයෙන්ද වැදගත්කමක් උසුලන නිදිකුම්බා තුවාල, වණ ආදිය සඳහා මෙන්ම පිටකොන්දේ අබාධ සඳහා අත්දුටු ගුණ සපයනවා. සාමාන්‍යයෙන් තණ පිටි ආදී විවෘත ඉඩකඩක වැඩෙන නිදිකුම්බා හිරු එලියට දැඩි සේ ඇලුම් කරනවා. හිරු එලිය නොවැටෙන විට කොළ හකුළුවා නින්දට වැඩෙන නිදිකුම්බා අවදිවන්නේ හිරු පායන විටය. අඟල් බාගයක පමණ වටකුරු මලේ ඇට 3,4 ත් අතර ප්‍රමාණයක් අඩංගු වේ. ග්‍රීක පොත පතේ සඳහන් තොරතුරු අනුව නිදිකුම්බා සම්බන්ධයෙන් කල කල අධ්‍යයන වසර 2000 කටත් වඩා පැරණිය. 

Wednesday, July 19, 2017

හිමාල කන්දේ කොටසක් ලංකාවේද??


ලංකාවේ බටහිර වෙරළේ පිහිටි සුන්දරම මෙන්ම එමෙන්ම ජනප්‍රිය ස්ථානය වන්නේ උනවටුනයි. ජනප්‍රවාදයන්ට අනුව උනවටුන නිර්මාණය වී ඇත්තේ හනුමන්ත විසින් රැගෙන ආ හිමාල කන්දේ කොටසක් වැටීමෙනි. රාම- රාවණ යුද්ධයේදී තුවාල වූ ලක්ෂමන් කුමරා සුව කරන්නට හිමාල කන්දේ ඇති බෙහෙත් පැළෑටි අවශ්‍ය බව සැල කළ විට, එය රැගෙන ඒමට ඉන්දියාවට ගිය හනුමන්ත, පැළෑටියේ නම අමතක වූ නිසාවෙන් හිමාල කන්දම ඔසවා ගෙන ආ බවත් ප්‍රතිකාර කිරීමෙන් පසු එය නැවත ඉන්දියාවට ගෙන යන අවස්ථාවේදී ඉන් කොටසක් උනා වැටුන ස්ථානය "උනවටුන" වූ බවත් එම කොටස රූමස්සල වූ බවත් පැවසෙනවා. 
තවත් පුරවෘතයකට අනුව ඉටුවහල් කරන ලද එක බලවත් ඉන්දියානු කුමාරයෙක් ගමන් ගත් නෞකාව මුහුදුබත් වූ පසු කුමාරයා කෙරේ දයාවෙන් ඔහු රැකගැනීම සඳහා පොළොවට අධිපති මනිමේකල දෙවිඳු ඔහු වෙනුවෙන් ගලින් නිම කළ වලක් නිර්මාණය කර ඇත. ඉන්පසු කුමාරයා උනවටුන ප්‍රදේශයට පැමිණි අතර ඔහු වෙරළට පැමිණීම වැලැක්වීම සඳහා පත්තිනි දෙවගන විසින් මැවූ ගිනි ජාලාව ඔහු විසින් මුහුදට තම පය තබා මවන ලද විශාල රළ පෙළින් නිමා දැමුවේය. ඉන්පසු ඔහු උනවටුනේ ජීවත්වෙමින් ගම් වැසියන්ට බොහෝ උපකාර කළ බවත්, පසුව ඔහු නමින් දේවාලයක් ඉදි කළ බවත් කියවේ.

පසුකාලීනව එම ස්ථානයේ ස්වේතමාලි චෛත්‍යය පිහිටුවන ලද අතර ඇසල මාසයේදී බැතිමතුන්ගෙන් පිරි යන මෙම පුදබිම සහල් පුජාව සඳහා වැඩි ප්‍රසිද්ධියක් උසුලනවා. පුදබිම අවට ගම්වැසියන් සිය අස්වැන්නෙන් නෙලා ගන්නා පළමු කොටස පුද බිම වෙත රැගෙන එන්නේ ඊලග කන්නයේදී නියම කලට වැසි වස්සවා අස්වැන්න සරු කරන ලෙස අධිගෘහිත අයැද සිටීමටයි. ඇතැම් ගම්වැසියන් මෙහිදී සිය දෛනික ආහාර වේල පිළියෙළ කිරීමට යොදා ගන්නා සහල් වලින් කොටසක්ප්‍ ප්‍රථමයෙන් වෙන් කර එය පුජා කරන අතර ධිවර වැසියන් තමන් අල්ලා ගත් මාලු කොටසක් වෙන්කර එය පුජා කරනු ලබනවා. මෙම පුජාව "ගොඩ කොටස" ලෙස හැඳින්වෙනවා.  
යටත්විජිත සමයේද උනවටුන බෙහෙවින් කාර්යබහුල වූ ස්ථානයක්. ලන්දේසින් 1640 දී පෘතුගීසින් පලවා හැර උනවටුනේ කඳවුරු බැඳගත් බවත්, ඉන්පසුව ගාල්ල වෙත ගමන් ගත් බව කියවෙනවා. ඉන්පසුව තම නිලධාරීන් වෙනුවෙන් ලන්දේසින් උනවටුනේ නිල නිවස්න ඉදි කර තිබෙනවා. එසේම රූමස්සල කන්දේ පිහිටි ගාලු කුලුන සතුරු නෞකාවන් රැවටීම සඳහා පළමු ලෝක යුද සමයේදී බ්‍රිතාන්‍ය හමුදාව විසින් පිහිටුවන ලද ප්‍රදීපාගාරයක් බව කියවේ. 

Sunday, July 16, 2017

කර්මය ..... උරුමය...... ??


ආඩම්බරකාරයා...



කුරුළු ලොව ආඩම්බරකාර  එමෙන්ම අලංකාර පක්ෂියා වන්නේ මොණරාය. ඒ අන් කිසිවක් නිසා නොව ඌට උරුම වී ඇති අලංකාර පිල් කළඹ නිසාමය. සත්ත්ව ලෝකයේදී ඉන්දියන් පිෆෞල්(Indian peafowl) ලෙසින් නම් කර ඇති මොණරා ජීව විද්‍යාත්මකව අයත් වන්නේ පසියානිදියා (Phasianidea) පවුලටය. මේ පවුලේ සාමාජිකයෙක් වූ වළි කුකුළාට, මොණරා නෑකම් කියනවා. අර්ධ ශුෂ්ක බිම්, වන ලැහැබවල් සහ වනාන්තර අශ්‍රිතව ජිවත්වන මෙම පක්ෂි වර්ගය සිය කුඩු පොලවේ ඉදි කරනවා. මොණරා අලංකාර වුවත්, මොනරාගේ ස්ත්‍රී පක්ෂියා වන සෙබඩ නම් ශරීරයේ පැහැය මිට වඩා වෙනස් ස්වරූපයක් ගන්නවා. සෙබඩට හිමි වන්නේ දුබුරු, අළු යන පැහැයන් මිශ්‍රිත වර්ණයක්. 
මොනරාට එවන් අලංකාර පිල් කළඹක් ලැබීම ගැන ග්‍රීක මිත්‍යා කතාවල සඳහන් වන්නේ මේ ආකාරයෙන්. හේරා දෙවගනගේ සුරූපී පුජකවරියක් වන අයෝ පිළිබඳව සියුස් දෙවියාට සිතක් පහළ විය. එහෙයින් හේරාගේ ඊර්ෂ්‍යාවට ලක් නොවන ලෙස සියුස් දෙවියා විසින් අයෝ එළදෙනක් බවට පත් කරන ලදී. එහෙත් උපායක් යොදා එම එළදෙන තමන් භාරයට ගත් හේරා සිය විශ්වාසවන්ත සේවක ආගස් වෙත පවරා දුන්නේ අයෝ, සියුස් හා මුණ ගැසීමෙන් වැලැක්වීම සඳහායි. ආගස්ගේ මුළු සිරුර පුරාම ඇස් පිහිටා තිබු නිසා එම කටයුත්ත අකුරටම ඉටු කිරීමට හැකි වුණා. ආගස්ගෙන් අයෝ මුදා ගැනීමේ වගකීම සියුස් දෙවියෝ විසින් පැවරුවේ හේමිස් දෙවියටය. හේමිස්, ආගිස් වශිකොට ඔහු නිද්‍රාවට පත් වූ පසු ඔහුව මරා දමන ලදී. සිය විශ්වාසවන්ත සේවකයාට ගෞරව පුද කිරීම සඳහා හේරා ඔහුගේ ඇස් සියල්ල එක් කර මොනරාගේ වලිගයේ තැම්පත් කරන ලදී. 
සිය සහකාරිය තෝරා ගැනීමේදී මොනරාට සිය පිල් කළඹ ඉතා වැදගත් සෙබඩ ඉදිරියේ රඟදෙන මොනරා අවානක සිරිය ගත් සිය පිල් කළඹ විදා හරින්නේ ආඩම්බරයෙන්. සාමානයෙන් ලාබාල මොනරුන් සතුව ඇත්තේ පිහාටු කිහිපයකින් සමන්විත වලිගයක් වැනි පිල් කළඹක්. ක්‍රමයෙන් ලිංගික පරිණත භාවයට පත්වන විට පිහාටු රැසකින් සමන්විත පිල් කළඹක් මොනරාට හිමි වේ. මේ අලංකාර පිල් කළඹේ පිහාටු සැම වසරකම ග්‍රීස්ම සෘතුවකම හැලි යනවා. 

Saturday, July 15, 2017

සල් මලේ කතාව ...

සල් ගස බෞද්ධයන්ගේ ගෞරවාදරයට පත් වූ වෘක්ෂයන් අතර වැදගත් තැනක් හිමි කර ගන්නවා. බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන පරිදි සිදුහත් කුමාරගේ උත්පත්තිය සිදු වී ඇත්තේ සල් ගසක් යටදීය. අපේ ව්‍යවහාරයට සල් ලෙස හැඳින්වුවත් එය උද්භිද විද්‍යා ලෝකයේදී හඳුන්වන්නේ කොරෝව්පිටා ගුවානේන්සිස්(Couroupita guianensis) යන නාමයෙන්. සල් අයත් වන්නේ ලෙසිට්ඩේසියා (Lecithydaceae) පවුලටයි. සාමාන්‍ය ඉංග්‍රීසි ව්‍යවහාරයට අනුව කැනන්බෝල් ට්‍රි (Cannonball Tree) යන නාමයෙන්ද හැඳින්වෙනවා. ඒ නම ලැබීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ සල් ගසේ ගෙඩිවල ස්වභාවයයි. කාලතුවක්කුවකට යොදන උණ්ඩ සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ කැනන්බෝල් ලෙසයි. සල් ගෙඩිවල හැඩයත් කාලතුවක්කුවට යොදන උණ්ඩවලට සමාන නිසා මේ නම ඊට ලැබී තිබෙනවා. 
සාමාන්‍යයෙන් සල් ගස් ගෘහස්තව වගා නොකරන වෘක්ෂ වර්ගයක්. එය වඩාත් දැකිය හැකි වන්නේ උද්‍යාන ආශ්‍රිතවයි. ඝර්ම කලාපිය දේශගුණයට හිමිකම් කියන සල් ගස සාමාන්‍යයෙන් අඩි 50 ක 75 පමණ උසට වර්ධනය වේ. සල් මල් සහ සල් ගෙඩි හටගන්නේ ගසේ දුඹුරු පැහැති කඳ කොටසේය. සාමාන්‍යයෙන් සල් ගසේ කොලයක් අගල් 6ක් දිගට වැඩෙනවා. සල් ගෙඩි තද ආවරණයකින් සමන්විත වුවත් එහි මදය ඇට සහිත ඉතාමත් මෘදු ජෙලි වැනි ස්වභාවයකින් යුක්තය. මේ මදයෙන් නික්මෙන්නේ තරමක් අප්‍රසන්න දුර්ගන්ධයක්.
  එහෙත් සල් මලින් නික්මෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් වූ ආකර්ශනීය සුවදක්. රතු හා රෝස මලින් නික්මෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් වූ ආකර්ශනීය සුවදක්. රතු හා රෝස පැහැයට හුරු මේ අපුර්වත්වයෙන් පිරි සල් මල සාමාන්‍යයෙන් අඟල් 3 ත් 5 ත් අතර ප්‍රමාණයකින් යුතු වෙනවා. 
සල් ගස දකුණු ඇමරිකාවේ ගුවානා ප්‍රදේශයට මෙන්ම ආසියාවේ ඇතැම් කලාපයන්ට අවේනික වුවක්. යුරෝපියන් විසින් දකුණු ඇමරිකාවෙන් සල් ගස සොයා ගැනීමට පෙර සිටම ආසියාවේ සල් ගස ව්‍යාප්තව පවතී බව ඉතිහාසයේ සඳහන්. සල් මල ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ජනප්‍රියව ඇත්තේ බුදු පුදට ගෙන යන මලක් ලෙසය. එහෙත් රුපලාවනය ලෝකයේ සල් මලෙන් නික්මෙන ආකර්ශනීය සුවඳට විශේෂ තැනක් හිමි වේ. එහි සුවඳ යොදා ගනිමින් බොහෝ සුවඳ විලවුන් ආදී රුපලාවනය නිෂ්පාදන වර්ග සිදු කරනු ලබනවා. ඇතැම් රටවල සල් ගෙඩි තද  පෘෂ්ටයයක් සහිත කටුව විවිධ ආකාරයෙන් ප්‍රයෝජනයට ගනු ලැබේ. දකුණු ඇමරිකානු ආදිවාසීන් සල් මදය මිරිකා සකස් කර ගත් පානය සල් ගෙඩියේ කටුවට දමා පානය සල් ගෙඩියේ කටුවට දමා පානය කල බවට පොතපතේ සඳහන් වේ. 

ඈ බාදුරවකි....

නෙත් යදින බැල්මක  සගවාන මත්බව පහසක  වතිර ගමි තව තවත් ලංව  බාදුරාවක් බව දැන දැනම...