කවදා
පායත්ද? අප දිනිසුරානෝ
රණ
බිමකට සරිලන සෙනෙවියානෝ
මුඩු
බිමකට සරිලන ජල කදානෝ
සුන්බුන්
කොඳු ඇට සිටුවන රජානෝ
කවදා
පායත් ද ? අප පුන් සඳානෝ
පරහිත
පිණිස දළ දන්දෙන ඇතානෝ
නිදුකින්
ඉන්න මග පෙන්වන වෙදානෝ
මුසා
බසින් අප නොපෙලන රජාණෝ
කවදා
එත්ද? අපගේ එක් නෙතානෝ
ගිමනට
හෙවන දෙන තුහුනුග තුරානෝ
අප
සම බිමක සඟවන සොහොයුරානෝ
රජෙකැයි
අපට නොසිතෙන මහ රජානෝ....//
පද
රචනය - සුනිල් ආරියරත්න
ගායනය
- නන්දා මාලනී
සංගීත
පටය - පවන
මිනිසුන්ට
තම ජිවිතයේ බලාපොරොත්තු හා ප්‍රර්ථනා බොහොමයක් තිබේ. බලාපොරොත්තු වෙනුවෙන්, ඒවා
ජිවත් කිරීමට මිනිසුන් ප්‍රර්ථනා සිදු කරනු ලැබේ. මන්ද මිනිසුන්ව ජිවත් කරවන්නට
ශක්තියක් වන්නේ බලාපොරොත්තු හේතුවන නිසාය. මිනිසුන් සතු ප්‍රර්ථනාවන් බොහෝ විට
පෘතග්ජන ලොව තුල ආත්මාර්ථකාමී ගොනුවට අදාල වේ. නමුත් එවන් පුහුදුන් ප්‍රර්ථනා
ඉක්මවා ගිය පරාර්ථකාමී ප්‍රාර්ථනාවන් ලොව නොමැති නම් එය අසත්‍යයකි. පරාර්ථකාමී ප්‍රාර්ථනයක්
සිත තුල උපදවා ගන්නට ශක්තිමත් සිතක් තිබිය යුතුය. මේ පරාර්ථකාමිත්වය තම රට, ජාතිය,
පවුල හෝ ගම වෙනුවෙන් උපන් ප්‍රාර්ථනයක් වුවක් විය හැකිය. මෙහි වැදගත්කම වන්නේ
මෙවන් ප්‍රාර්ථනාවකට වස්තු බීජය වන්නේ බලාපොරොත්තුවක් වන නිසාය. බලාපොරොත්තුව
පෝෂණය කර එහි ප්‍රතිඵල ලබා ගන්නා තුරු එහි සප්‍රණික බව රැක ගන්නට පුද්ගලයා සතු ප්‍රර්තනාවන්
ශක්තිමත් වේ. බලාපොරොත්තුව සැබෑවක් වන්නට සෙවනැල්ලක් වන ප්‍රාර්ථනාව, බලාපොරොත්තුව
සාක්ෂාත් කරන මාවත තුල ඉදිරියට යෑමට මිනිසුන්ට දිරිය ශක්තිය සපයනු ලැබේ. නමුත්
මිනිසුන් බලාපොරොත්තු හා ප්‍රාර්ථනාවන් යන කරුණු දෙකෙන් පමණක් නොනැවතිය යුතුය.
යම්කිසි බලාපොරත්තුවක් හා ඒ උදෙසා කරන ප්‍රාර්ථනාව අවංක වන්නේ නම්, එකී අවංකත්වය
තුලින් අවංක කැපකිරීමක් අනිවාර්යෙන්ම සිදු වේ. එනම් අවංකත්වය මේ එකක් තුළවත් තනිව
පිහිටන්නක් නොවේ.
රටක්
ජාතියක් වෙනුවෙන් තම සිතෙන් අවංකව බලාපොරොත්තු දකින යහපත් මිනිසුන් රටක කාලින අවශ්‍යතාවයකි.
මෙවන් ජාතියක සුභවාදී බලාපොරොත්තු උපදින හදවත් කලාකාමී, ජනප්‍රිය හදවතක් වීම හේතු
කොට එම බලාපොරොත්තුවට වැඩි වටිනාකමක් අගයක් ලැබේ. සෞන්දර්යාත්මක බව හා ගිතත්මකබව
එක් වූ බලාපොරොත්තුවක සංවේදී ගුණය වැඩියෙන් සහෘදයාට වැටහේ. සාමානයෙන් එවන්
බලාපොරොත්තු සමස්ත සමාජයක අත්දැකීමක් බවට පත් කිරීමටත්, සමස්ත සමාජයේම
බලාපොරොත්තුවක් බවට පත් කිරීමටත් කලාකරුවකු සතු කෞශල්‍යය සමත් වේ. රටකට ජාතියකට ඒ
ඒ යුගානුරූපීව ඇති වන අවශ්‍යතා මත, මිනිසුන් උදෙසා බලාපොරොත්තු හා ප්‍රාර්ථනාවන්
නිර්මාණය කර දෙන්නටත් ඒ යුගානුරූපී අවශ්‍යතාවන් ලගා කර ගැනීම කෙරෙහි සමාජය
මෙහෙයවීමටත් කලාකරුවා සතු මහගු හැකියාවක් ලෙස හඳුනා ගත හැකිය. මුළු රටක් ජාතියක්
එක් අරමුණක්, එක් ඉලක්කයක් වෙනුවෙන් මෙහෙයවීමේ හැකියාව පුද්ගලයකු සතු විමත්, එය
නිර්මාණශිලිත්වය තුලින් ජය ගන්නට ලැබීම වඩාත් වැදගත් වන්නකි. වර්තමානය තුල පවතින
තිරසාරවත් කලාවේ හා විද්වත් කලාවේ තීරණාත්මක වෙනසක් සිදු කිරීමට මේ හැකියාව සමත්
වේ. ජාතියක් අවදිකරවන බලාපොරොත්තුවේ ගීතාත්මක විග්‍රහයන් අල්පවීම යුගයේ පිරිහීමේ
සලකුණක් බවට පත්ව තිබේ. ආත්මාර්ථය ඉක්මවා ගිය පරාර්ථකාමී බලාපොරොත්තු හා ප්‍රර්ථනා
සමාජයට දායාද කිරීම මත කලාකරුවාගේ වටිනාකම තීව්‍ර සමත් වේ. රටකට ජාතියකට මුහුණ දෙන්නට
සිදුවන අභියෝග හමුවේ සිදු විය යුතු සමාජ පෙරළියක් ගැන ඉහි පල කිරීමේ සිට එකී සමාජ
පෙරළියේ ආරම්භක වෙඩි මුරය නිකුත් කිරීම දක්වාත්, සමාජ පෙරළියේ ජීවී බව පවත්වා
ගැනීමත්, එය ජනග්‍රහණය වෙත ගෙනයාමේ ශක්තියක් වීමේත් සිට, විජයග්‍රහණයේ ජය ගීතය දක්වා
පැතිරුණු කලාකරුවාගේ භූමිකාව විග්‍රහයට ලක්විය යුතු යුගයක් ලෙස මේ සාමය හඳුනා ගත
හැකිය.
අපේ
සමාජයත් රටක් ජාතියක් ලෙස පසු කරන්නට යෙදුනු අසීරු කාලවකවානු තුලදී ඉහත කී සමාජය
නගාසිටුවීමේ එනම් ප්‍රාණවත් කිරීමේ කාර්ය වෙනුවෙන් පෙනී සිටි. එසේ පෙනී සිටීම නිසා
වීරත්වයෙන් පිදුම් ලැබූ ජීවමාන පුරාවෘත
බවට පත් වූ කලාකරුවන් ඉතිහාසය හා වර්තමානය තුලත් හඳුනා ගත හැකිය. ජාතියකට ප්‍රාණය
ලබා දීම සඳහා තම සෞන්දර්යාත්මක ගීතාත්මක පද මෙහෙයවීම අසීරු කටයුත්තකි.
එවැනි
ප්‍රාණවත් නිර්මාණයකින් ජාතිය පණ ලැබීම නිර්මාණයේ පවතින ශක්තිමත් බව ලෙස මැනවින්
ප්‍රකට වේ. “යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්න” කියා කියන්නෙත්,
“නිවටයින්ගේ දෙපා අභියස බියෙන් හැකිලී නැවි යා නම්” , “එවන් සිරසක් කුමටද මට”,
“ගෙලෙන් සිද එය ඉවතලනු මිස” කියා කියන්නෙත්, එතැනින් නොනැවති “හෙළ දෙරණ ජන ජයතු
ජයමංගලානි” කියා පවසන්නේත් පෙර කී කලාකරුවාගේ සමාජ වගකීමේ සන්ධිස්ථානයක් ඉදිරිපත්
කරමිනි. එක් අවස්ථාවකදී පවතින ක්‍රමයට අභියෝග කරන්නට හා සමාජයට කරුණු පැහැදිලි
කරන්නට සිදු වේ. ඒ සියල්ලම වචන සියයක් දෙසීයක් ඇතුලත සාධාරණිකරණය කරමින් ඒ දනන්ගේ
මුවින් මිමිණෙන ශ්ලෝකයක් බවට පත් වී ඇත.එය ජනයාගේ සන්තානයේ රට දැය උදෙසා ප්‍රගතිශීලි
අභිලාශයක්, බලාපොරොත්තු හා ප්‍රර්තනාවන් ජනිත කරවන්නට සමත් වේ. රටක දැයක වගකීමක්
දරන කලාකරුවා කොතරම් බැරෑරුම් කර්තව්‍යයක නියැලෙන්නෙක් ද කියා සිතීමත් අපහසුය.
හුදෙක් ලාමක පද වැලකට තනුවක් නිමවා ගැයුමක් වෙනුවට, ඉහත කී සමාජ වගකීම උසුලා ගෙන
කරන නිර්මාණයක වටිනාකම කියා නිම කල නොහැකිය. එවන් නිර්මාණ එකක් දෙකක් නොව සිය දහස්
ගණනක් නිම වන්නට තරම් සිය කෞශල්‍ය යොදවන්නට වෙහෙසෙන කලාකරුවෙකු වේ නම්, ඒ සිත තුල
ඇති ජාතික ආලය පිලිබඳ අතිශෝක්ති වැනුම් වැයිම අත්‍යවශ්‍යය නොවේ. කලාකරුවා සමාජයේ
ප්‍රගමනය උදෙසා නිවසේ සිදුවන කුඩා සිදුවීමේ සිට රටේ නායකයාගේ පැවැත්ම දක්වාම කරනු
ලබන බලපෑම් උදෙසා නිර්මාණය වූ ගීතයක් ලෙස මෙම “කවදා පායත්ද” ගීතය හඳුනා ගත හැකිය.
පද මාලාව සමග බැදී ඇති ජවය හා ශක්තිය සියලු ජනයාගේ මුවග රැව් දෙන විට ජන සන්තානයේ
උපදින ධෛර්ය හා ආකල්පමය විප්ලවය කලාකරුවාගේ අභිලාශය ඉදිරියට මෙහෙයවයි.
ගීතය
ආරම්භ කරන්නේ අතීත ස්මෘතියක් රසික මනසේ ඇති කරමිනි. කුංකුනාවේ ස්වාමින්වහන්සේ එදා
සිරභාරයට ගත් අවස්ථාවේදී කී කවිය ගීතය ආරම්භයේදීම නන්දා මාලනිය විසින් ගායනා කරනු
ලබයි.
“අනේ
කුඹින්නේ
තොපටත්
රජෙකු ඉන්නේ
අපට
නැත ඉන්නේ
ඒ
නිසාවෙනි අප තැවෙන්නේ..
රජෙකු
ලැබුනොතින්
කැවුම්
කිරිබත් කඤඤාන්
සාධු
කාරෙන් ගිගුම් දෙන්නම්....”
රටකට
රාජ්‍යයක පැවැත්මට නොසැලෙන නොබියව සිටින නායකත්වයක් තිබිය යුතුය. අනුගාමිකයන්ට මග
පෙන්වනු ලබන පුර්වාදර්ශි නායකත්වය අවශ්‍යය වේ. නිර්මාණය ආරම්භ වන්නේ එකී අවශ්‍යතාවේ හිස්තැන කියා පාමිනි. ජනතාවගේ ශෝකය,
පසුතැවීමට හේතුව වන්නේ නොසැලෙන නායකත්වයේ පවතින අඩුපාඩුවයි. රටක සංවර්ධනයට අත්‍යවශ්‍යය
වන්නා වූ මෙකි මග පෙන්වීම කාලින අවශ්‍යතාවකි. මෙකි ස්මරණය තුලින් වර්තමානය හා
අතීතය එකට යා කරනු පෙනේ. එදා රජකුගේ අඩුව අද ද දැනෙන බව මින් විද්‍යාමානය. එය
ජනතාවගේ බලාපොරොත්තුවකි. එය සාක්ෂාත් කර ගැනීම උදෙසා ජනයා එකා මෙන් ප්‍රර්ථනා කරනු
ලබන්නේ ජාතික ආලය මුසු වූ හැගීමෙනි. රටකට නියමිත කලට වාසි ලැබීමටත්, කෙත්වතු
සරුසාර වීමත් පවතින පාලකයා දැහැමිව රට පාලනය කල යුතුය. නොසැලෙන නායකත්වය නොමැති
වීම පසුතැවීමට ප්‍රධාන හේතුව වී තිබේ.
නිර්මාණය
පුරාම රටේ පවතින පිරිහී ගිය ස්වභාවය මතු කර දක්වා තිබේ. රටේ සිටින ජනයාත් තම දෑස්
අඳුරෙන් වසාගෙන, අතපය නොමැති වුවන් ලෙස එක් තැන් වී සිටි. සරුසාර වූ දේශයේ භූමියට
සිදු වී ඇති අපරාධයක්, ආත්මාර්ථකාමීත්වය පසක තැබූ පරාර්ථකාමී නායකත්වය අපේක්ෂාවන්
නිර්මාණය තුල පසක් කරයි. නිවැරදි මග පෙන්වීමත් නොමැති රටක ජනතාව අඳුරේ සිට ආලෝකයේ
සේයාවන් අපේක්ෂා කරන්නේ රටේ ප්‍රගතිය උදෙසා ශක්තිය ලබා දීමේ අපේක්ෂාවෙනි.
“කවදා
පායත්ද? අප දිනිසුරානෝ
රණ
බිමකට සරිලන සෙනෙවියානෝ”
අඳුරේ
සිටින ජනයා ඉන් මුදවා ගැනීමට අවශ්‍යය වන්නේ සුර්යා මෙන් ආලෝකය ලබා දිය හැකි
නිවැරදි මග පෙන්වීමකින් යුතු නායකත්වයකි. නමුත් එවන් වීර නායකත්වයක අඩුපාඩුව සර්ව
කාලීන වුවකි. එය උදා වන තුරු ජනතාව බලාපොරොත්තු වෙනුවෙන් ප්‍රර්ථනා කරති. රණ
බිමේදී ඉදිරිපත්වන ගැටලු හමුවේ නොසැලෙන වීරත්වය මතු කරන නායකත්වයක් රටකට අවශ්‍යය
වේ. විවිධ බලවේග හමුවේ නොසැලෙන ශක්තියක් සතු විය යුතුය. එය උදා වෙන තුරා ජනතාව
බලාපොරොත්තු වෙනුවෙන් ප්‍රර්ථනා කරති. එය උදා වන තුරු සැම යුගයකම මිනිසුන් නෙත්
යොමා සිටින බව කලාකරුවා තම නිර්මාණය තුල ඉදිරිපත් කර ඇත්තේ ජනයාගේ දෑස් විවර
කරමිනි.
මෙම
ගීතයේ ව්‍යුහාත්මක පක්ෂය විස්තර කරන විට ද්විත්වයක් මතු කර පෙන්වයි. රජු හගවුම්කාර
කය තුලින් ප්‍රෞඩත්වය, වීරත්වය, ජනයාට හිතෛෂී වීම, ධනය, බලය, පාලනය යන හැගයුම් මතු
කරනු ලබයි. මෙහි අනෙක් පක්ෂය නම් තත් රට පාලනය කරන පුද්ගලයාගේ තත්වයයි. සැබෑ
නායකත්වයේ ස්වභාවයත්, පවත්නා වූ රටේ ස්වභාවයත් මනා ලෙස ගලපන නිර්මාණකරුවා තම
පරාර්ථකාමී වූ ජාතික අපේක්ෂාව මනාව විදහා දක්වයි. පවතින පාලන ක්‍රමයට එල්ල කරන මරු
පහරක් ලෙස ගීතය විග්‍රහ කල හැකිය. පාලකයාගේ පවතින අඩුපාඩු ගීතය පුරාම විග්‍රහ
කෙරේ.
“මුඩු
බිමකට සරිලන ජල කදානෝ
සුන්බුන්
කොඳු ඇට සිටුවන රජානෝ ”
“පරහිත
පිණිස දළ දන්දෙන ඇතානෝ”
“මුසා
බසින් අප නොපෙලන රජාණෝ”
සරුසාර
භූමියක් රටකට වාසනාවකි. භුමිය නිසරු වීම එකී රටේ අවශ්‍යතාව නිරුපණය වන්නකි. එකී අවශ්‍යතාව
සෝදා දමා සෞභාග්‍යය උදා කරන ජල දරාවක් බඳු නායකත්වය රටේ වාසනාව ගෙන දෙයි. පවතින
පාලනය හා මග පෙන්වීම යටතේ ජනතාවගේ තීරණ ගැනීම හා ප්‍රජාතන්ත්‍රවාදී බව, ස්වාධින බව
බිඳ දමා පුද්ගල නිදහස, අයිතිය සිමා කර තිබේ.
ජනයාගේ බිඳ දමා ඇති මෙකි පෞර්ෂත්වය නැවත නගා සිටුවන පරාර්ථකාමී නායකත්වය
රටකට ගෞරවයකි. රජෙකු යනුවෙන් නොබියව පැවසිය හැකි නායකත්වයක බලාපොරොත්තුව කලාකරුවා
නිර්මාණය තුල සෘජුවම ගෙන හැර දක්වයි. රටක ජනතා මනාපයෙන් පත්වන පාලකයින් තම සැප
ජීවිතය වෙනුවෙන් පොදු ජනයාගේ ධනය සුරාකමින් සිටි. නිර්මාණකරුවා පන්සීය පනස් ජාතක
පොතේ ඇතුලත් “ඡද්දන්ත ජාතකය” සිහිපත් කරමින් අනෙකාගේ සුවය උදෙසා තම දළ දන් දුන් ඡද්දන්ත
හස්තියා මෙන් පරාර්ථකාමී පාලකයකුගේ අවශ්‍යතාව සිහිපත් කරයි. පවතින පාලනය කෙරේ
විරෝධාකල්පයක් මතු කර පෙන්වීම සිදු කරනු ලබන අතර මෙය එක් කාලයකට විශේෂ කර දැක්විය
නොහැකි වන්නේ එදා මෙදා තුර මෙරට බිහි වූ පාලකයින් අතරින් “රජු” යන අරුත දිය හැකි
සුදුසු පාලකයකු බිහි නොවූ නිසාවෙනි. එබැවින් සර්වකාලින නිර්මාණයක් වීම ද
විශේෂත්වයකි. පවතින සමාජ ක්‍රමය වෙනස් කල යුතු බව ගීතය පුරාම ගැබ් වී තිබේ.
මේ
රටේ මේ සමාජ ක්‍රමය තුල බලය ලබා ගන්නා කුමන පාලකයා වුවත් තමාගේ ධනය, අනන්‍යතාව තර
කර ගැනීම මිස මහජන යහපත පතන්නේ ද යන්න ගැටලුවකි. එසේ නම් මේ පවතින සමාජ ක්‍රමය අතු
ගා දැමිය යුතුය. ගීතයේම ගැබ් වන ආකාරයට,
“අප
සම බිමක රඳවන සොහොයුරාණෝ”
යන්න
කවදා සපල වේද? යන්න ගැටලුවකි. නමුත් එය බලාපොරොත්තු වේ. ධනවාදය හිස ඔසවා ගෙන
දේශපාලනයට මුවා වී පොදු මහජනතාව ගොදුරු කර ගන්නා පාලක පන්තියේ කුරුරුතර භාවය මින්
මනාව ඔප් නැංවේ. මින් පිඩාවට පත් වන්නෝ මහජනතාවය. ඉන් ද නිර්ධන පාන්තිකයා ලබන
පීඩනයන් ඉමහත්ය. සියලු දෙනාට මනුෂ්‍යයන් වශයෙන් උපත ලැබ සමාජ ක්‍රමය නිසා විවිධ
මට්ටම් වල සමාජයේ ජීවතේ වේ. නමුත් සියලුම ජනතාව එක් මට්ටමකට ගන්නා සහෝදරයකුවන් පාලකයකුගේ
සංක්‍රාන්තිය ජනතා බලාපොරොත්තුවයි.
“මුසා
බසින් අප නොපෙලන රජාණෝ”
ජනතා
මනාපයෙන් පත්වන පාලකයා ජන සිත සුව පිණිස ක්‍රියා කල යුතුය. නිරතුරුවම සාමාන්‍යය
ජනයාට මුසාබස් පවසා බොරුව නමැති පටලයෙන් වසා දමන ආකාරය රාජ්‍යය පාලනයට යෝග්‍ය
නොවේ. පාලකයා නිරතුරුවම ජනතාව සමග රැදී සිටින නියෝජිතයකු විය යුතුය. බලතල, ධනය
තිබු පමණින් සමාජ ක්‍රමයේ අසාමාන්‍යය වෙනස්කම්, බැඳීම් ඇති කිරීමේ මුලික සාධකය
නොවිය යුතු අතර රජකු යැයි නොසිතෙන සහෝදරයකු විය යුතු බව ජනතාව බලාපොරොත්තු වන බව
නිර්මාණය පුරවරම ගෙන හැර දක්වයි.
ගීතයේ
අන්‍යය පාර්ශවය ගැන සාකච්චා කරන විට පෙනී යන්නේ හුදු ගීත රචකයාගේ සිතේ නිෂ්පන්න
හුදු ෆැන්ටසියක් බවය. මන්ද ගීත රචකයා සිතා සිටින ආකාරයට කවදා හෝ දිනක රජෙකු පත්වන
බවට බලාපොරොත්තුවක් ඇති කර ගෙන සිටි. මෙය එදා මෙදා තුර බලාපොරොත්තුවක් පමණක්ද? නමුත්
එය ඉටුවන්නේ කවදාද යන්න පිලිබඳ රසිකයාට ගැටලු මතු වී ඇත. එනම් සිදු කල යුත්තේ සමාජ
ක්‍රමය වෙනස් කිරීමය. නමුත් රසික සිතේ කිසියම් බලාපොරොත්තුවක් ඉතිරි කල හැකිය.
ජිවත්වන සමාජයේ දෘෂ්ටිවාදාත්මක සංකල්පය පිලිබඳ කිසියම් ඉගියක් මතු කරන බැව් උක්ත
ගීතය විශධ කරයි.
සමාජයේ
පවතින සංවේදී රටාව මැනවින් ග්‍රහණය කරගත් ගීත රචකයා සිය ගේය කාව්‍යය සංකල්පනාව
රචනා කොට ඇත. පද රචනාව හා ගායනයේ පවතින මනා ගැලපීම මත රසිකයාට තම රට ජාතිය පිලිබඳ
හා පවතින සමාජ ක්‍රමය, නායකත්වය පිලිබඳ සිතුවිලි මතු කරලීමට හැකි වී තිබේ. පද
රචනාවේ පවතින සමාජීය බලපෑම හේතු කොට ගෙන ගුවන්විදුලි ප්‍රචාරණයෙන් තහනම් වූ බව
සුනිල් ආරියරත්නයන් අදහස් දක්වා තිබේ. මෙවැනි නිර්මාණයන් සමාජ අවශ්‍යතාවයක් වන්නේ
මෙවන් කුරිරු පාලනයක් පවතින තාක් රසික හදවත් තුල රැව් දෙනු නියත නිසාවෙනි.
ගීතයේ
කාව්‍යාත්මක පක්ෂය එතරම් රසය ජනිත නොවේ. අර්ථය සෘජුවම පවසනවා මිස එය ව්‍යංගාර්තය
තුලින් ප්‍රකාශ කීරීමට උත්සහ ගෙන නොමැත. සෘජු ප්‍රකාශනයක ලක්ෂණ තිබේ. නමුත් අපේක්ෂිත අර්ථය පාඨකයාට සංරක්ෂණය වේ. ගීතයේ
සියලුම කොටස් එකම ආකෘතියක පිහිටා තිබේ. ගීතයේ පද මාලාවට සදාරණයක් ඉටු කර හැකි වන
පරිදි හා හැගීම් උද්දීපනය වන පරිදි ගායනය හා පද මාලාව සංකලනය වී තිබේ. පසුබිම
ගායනයේදී සංගීතඥයා යොදා ගෙන ඇති “ඕ....ඕ... ” ආදී ගායනය මගින් ගීතයේ පවතින සාමුහික
අර්ථය ස්මතු කිරීමට හේතු වේ. සංගීතඥ මේ මනෝරම්‍යය භාවිතය නිසාවෙන් නිර්මාණය තුල
පොදු බවක් රසිකයාට දැන්වීමත්, අර්ථය තව දුරටත් ස්මතු කිරීමටත්, රසිකයා තුල
උද්වේගකාරී හැගීම් ඇති කිරීමටත් සමත් වී තිබේ. කාලින සමාජ අවශ්‍යතාවන් වෙනුවෙන්
මිනිසුන් දකින බලාපොරොත්තු පිළිබඳව පරාර්ථකාමී දෘෂ්ටියක් යොමු කරන කලාකරුවකුගේ කාර්යභාරය
විශිෂ්ට වන්නකි.
Great Statement..
ReplyDeletethank you ..
ReplyDeleteNice work
ReplyDeletethank you ....
Deletelasanai.....
ReplyDeletethank you
ReplyDelete