අපේ රටේ දුගී පැල්පතේ සිට මහා
මන්දිරය දක්වා සෑම නිවහනක්ම බොහෝ දුරට එකම ආකාරයට පිළියෙළ කරන ආහාරය බත්ය. එය ශ්‍රී
ලංකා වාසීන්ගේ ප්‍රධන ආහාරය වනවා පමණක් නොව, ලෝක ජනතාවගෙන් කොටි සියයකටත් වඩා
කුසගින්න නිවාගන්නා ප්‍රධනතම ආහාරය වේ. එරිසා සැටවා යන උද්භිත විද්‍යාත්මක නාමයෙන්
හැඳින්වෙන තෘණ පවුලට අයත් ගොයම් ගසේ අස්වැන්නෙන් පිළියෙළ කර ගන්නා බත අද ආසියාවේ
ප්‍රධානතම ධාන්‍ය ආහාරයද වේ. අප බත් දෙන ගොයම් ගස මිනිසා විසින් වගා කිරීමට හුරු
වූ පැරණිතම ගසක් ලෙස සැලකේ.
වී අපේ අසල්වාසී රටවන ඉන්දියාවෙන්
ලොවට උරුම වූ දායාදයක් ලෙස පිළිගැනේ. 1970 වසරේදී පලකරන ලද පුරාවිද්‍යාත්මක
වර්තාවක දැක්වෙන අන්දමට ක්‍රි.පූ.1000- 800 අතර කාලයේදී ඉන්දියාවේ ප්‍රථමයෙන් වී
වගා කර ඇත. ඈත අතීතයේ සිටම ඉන්දියාවේ වී හැඳින්වුයේ ධාන්‍ය නමිනි. එහි අර්ථය
මිනිස් වර්ගයා ආරක්ෂා කරන්නා යන්නයි. පෙරදිග සෑම රටකම පහේ ආගමික උත්සවවලදී මෙන්ම
විවෘත මංගලය වැනි විශේෂ අවස්ථාවලදීද හාල්වලට විශේෂ ස්ථානයක් හිමි වේ. ඉන්දියාවට
පසුව වී වගා කළ පැරණිතම රට ලෙස සලකන්නේ චීනයයි. පැරණි චීනයේ විශේෂ අයිතිවාසිකම්
හිමිවුයේ අධිරාජ්‍යයාට පමණකි. එසේම ගොයම් කැපීමද රජු විසින් කළ යුතු වැදගත්
කාර්යක් විය.
පැරණි ජපානයේ බත් හැඳින්වුයේ “මිෂුමොනෝ
කුමි” නමිනි. ජපානයේ වැසියන් උදේ දිවා සහ දිවා සහ රාත්‍රී ආහාරය ලෙස ගනු ලබන්නේ
බත්ය. උදැසන බත “ගොහාන්” ලෙසද දවල් බත “හිරිගොහාන්” ලෙසද රාත්‍රී බත “සොරුගොහාන්”
ලෙසද ජපන් ජාතිකයෝ හඳුන්වති. වී වගාව ඉන්දියාවේ සිට පර්සියාව, මැදපෙරදිග, අප්‍රිකාව,යුරෝපය
සහ ඇමරිකාව දක්වා පැතිර ගියේය. මුලින්ම නැගෙනහිර අප්‍රිකාව ඉන්දියාවෙන් හඳුනා ගත්
වී, අතීතයේ මුස්ලිම් වෙළඳන් මගින් ස්පාඤ්ඤයටත් ඉතාලියටත් පැතිර ගියේය. යුරෝපයට වී
හඳුන්වා දුන්නේ තුර්කි ජාතිකයන්ය. අද ලෝකයේ වී නිෂ්පාදනය කරනු ලබන ප්‍රධන රටවල්
වන්නේ ඉන්දියාව, චීනය, ජපානය, බංගලාදේශය, ඉන්දුනීසියාව, තායිලන්තය සහ බුරුමයයි. වී
ගොවිතැන් කරන ජාවා දුපතට එම නම ලැබී ඇත්තේද වී නිසාය. ජාවා යන්නෙහි අර්ථය “වී දුපත”
යන්නයි.
ඇමරිකාවේ වී වගාව පැතිරීම පිළිබඳව
අපුරු කතා පුවතක් ඇත. 17 වන සියවසේදී මැඩගස්කරයේ නැවක් කුණාටුවකට හසුවී දකුණු
කැරොලිනාවේ චාල්ස්ටන් ජනපදයට ගොඩ බැස්සේය. නැවේ කපිතාන්වරයා තමන්ට උදව් උපකාර කල
චාල්ස්ටන් වාසීන්ට කළගුණ දැක්වීම සඳහා පිරිනමන ලද්දේ වී ඇට ටිකකි. මේ වී ඇට වික
මගින් ඇමරිකාව පුරාම වී ව්‍යාප්ත විය.
ගොයම් ගස ලංකාවේ බෝ කලේ ආර්යයෝ ලෙස
සැලකේ. කෘෂි රටාවකට හුරුපුරුදු වී ශ්‍රීලංකාවට පැමිණි ආර්යයෝ ලංකාව තුල ඒ කෘෂි
රටාව බිහි කළහ. ඔවුන්ගේ ශිෂ්ටාචාරය ගංගා අසල ගොඩනගා ප්‍රධාන රැකියාව ලෙස වී
ගොවිතැන කරන ලදී. අපේ ප්‍රධාන ආහාරය බත බවට පත් විය. දැනට ලෝකයේ වී රාත්තල්
200,000,000,000 ක් පමණ නිෂ්පාදනය කරන බව කියනු ලැබේ. ඒ ඒ රටවල දේශගුණය පසේ
ස්වභාවය හා සංස්කෘතිය අනුව වගා කෙරෙන මුහුණ හා ස්වභාවික වී වර්ගයන් 200 ක් පමණ
ඇතැයි සැලකේ. බතේ ගුණාගුණ සැලකීමේදී නිවුඩ්ඩ සහිත සහල් බත් පිසීම සඳහා යොදා ගැනීම
පෝෂ්‍යදායී වේ. නිවුඩ්ඩට යටින් ඇති ඇලිසොරොන් තට්ටුව සහල් ඇටයේ වඩාත් පෝෂ්‍යදායී
කොටස වේ. සහල් ඇටයේ 75% ක් පමණ කොටසක් පිෂ්ටය අඩංගු වන අතර සාමාන්‍යයෙන් ග්‍රෑම්
100ක් ආහාරයට ගැනීමෙන් කැලරි 385 ක් පමණ නිපදවා ගත හැකි බව වෛද්‍ය මතයයි. සහල්වලින්
නිපදවන අමුද්‍රවයන් ලෙසට මැලියම්, පිටි, සිනි, හා වයින් ආදිය ගැනේ. ජපානයේ මෙම
වයින් හඳුන්වන්නේ “සකේ” යන නමිනි.
Nice work..
ReplyDeleteela.....
ReplyDeleteGodak hodai. Me widihe thawa aluth dewl add karanna
ReplyDeletebohoma sthuthi....
DeleteGodak wedagath lipiyak.. thax pamoda...
ReplyDeletethank you manushka
Delete����������
ReplyDeletesuperrrrrrrr
ReplyDelete