ඉතිහාසගත
තොරතුරුවලට අනුව ලෝකයේ පැරණිතම වෘක්ෂය ලෙස සැලකෙන්නේ ශ්රී මහා බෝධිය යි. දකුණු
ඉන්දියාවේ නුග ගහට දෙවෙනි තැන හිමිවන අතර, තුන්වන තැන හිමිවන්නේ දකුණු ආසියාවට
අයත් නොවන ගසකටයි. හතරවන තැන හිමිව ඇත්තේ අපේ රටේ ඇති සියඹලා ගසකටය. මහසෙන්
රජතුමාගේ ඉතිහාසය හා බැඳුණු මෙම සියඹලා ගහ ගැන කියවෙන පුරාණ කතා බොහොමයක් තිබේ.
රජරට වැසියන් වැදුම්පිදුම් කර ඇති මෙම වෘක්ෂයත් මහසෙන් රජ්ජුරුවන්ගේ ආත්මයත් දෙකක්
කියන කාරණය ගැන හිතන්න ගම්මු එතරම් උත්සහ ගෙන නැහැ. ඔවුන් විශ්වාස කර ඇත්තෙත්
සිතන්නට පුරුදුව ඇත්තෙත් ඒවා එකක් පමණක්ම බවයි.
පෞරාණික
තොරතුරුවලින් හැඟෙන පරිදි මේ වෘක්ෂය වසර 1700ක පමණ අතීතයකට හිමිකම් කියයි.
ගොවිතැන් කටයුතු, යක්ෂ දෝෂ, වසංගත රෝග දුරු කිරීම ආදී දේවලට භාරහාර වී නොයෙකුත්
ආගමික වතාවත් මේ වෘක්ෂය ආශ්රිතව පවත්වා ඇති බවත් පැවසෙනවා. එදා ගම්මු මේ ගහ සලකා
ඇත්තේ ඔවුන්ගෙ ජිවිතයේ කොටසක් ලෙසයි. එතරම් ගෞරවයක් භක්තියක් ඔවුන්ගේ සිත්වල
තිබුණි. මේ වෘක්ෂය පිහිට ඇත්තේ එළහැර- බකමුණ පාරේ, පොළොන්නරු- හබරණ මාර්ගයෙන්
බකමුණට යන විට ද, මාතලේ- දඹුල්ල පාරෙ නවුලාවලින් හැරී ද යා හැකිය.
මහසෙන්
රජතුමා මෙම වෘක්ෂය පුජනියත්වයේ ලා සලකා තිබේ. රජතුමාගේ මරණයෙන් පසුව වුවද අවට ගම්වාසීන්, ගොවියන් මේ ගහට වන්දනා
මාන කරන්නට පටන්ගෙන තිබෙන අතර ඔවුන් එය නොකඩවා සිරිතක් වශයෙන් පවත්වාගෙන පැමිණ
තිබෙනවා. අදටත් ගම්මු අතර විශ්වාසයක් ලෙස පවතින්නේ මහසෙන් රජ්ජුරුවන්ගේ අවතාරය
මෙහි සැරිසරන බවය. නිදහසින් පසුව ප්රථම අග්රාමාත්ය ධුරයට පත් වූ
ඩි.එස්.සේනානායක මැතිතුමා විසින් මේ ගහ වටකර වැටක් ඉදිකර ඒ අසලම වෙනම දේවාලයක් ද
ඉදි කර තිබෙනවා. එම සියඹලා ගහේ අමුතුම ආකර්ශයක් තිබේ. පාරට නැමී තියෙන අතු නිසා ඒ
අවට පරිසරයේ තියෙන්නේ සිහිල් බවකි. මින්නේරි දෙවියන්ගේ ආශීර්වාදය ලබාගන්න කියලා
මෙතන පහුකරගෙන යන උදවිය පඩුරක් දාන්න අමතක කරන්නේ නැහැ.
මේ ගහට
අමුතු නමක් පටබදිලා තියෙනවා. ඒ “ඔරු බැදි සියඹලාව” යනුවෙනි. එයට හේතුව මහසෙන් රජු
එතුමාගේ ඔරුව බැදලා ගිහින් තියෙන්නේ මේ ගහේ. ඒ නිසා ගම්මු “ඔරු බැදි සියඹලාව”
යනුවෙන් හඳුන්වයි.
වැදගත් ලිපියක්
ReplyDeleteවැදගත් ලිපියක්
ReplyDelete