Saturday, August 12, 2017

මාධ්‍ය දැන්වීම්කරණයේ සමාජීය බලපෑම


සන්නිවේදනය සඳහා භාවිත වන මාධ්‍යන් තුල සමාජයේ විවිධ වූ දැන්වීම් ප්‍රකාශ වේ. දැන්වීම්කරණය තුලින් සන්නිවේදනය සිදුවන අතර ම සමාජය සඳහා විවිධ බලපෑම් ද එල්ල කරනු ලබයි. විවිධ මාධ්‍ය දැන්වීම් මගින් නව ජිවන පුරුදු ඇති කිරීමට ද පොළඹවනු ලබන අතර, නව ජිවන රටාවන් හඳුනා ගැනීමට ද දැන්වීම් මගින් පෙළඹවීමක් සිදු කෙරේ. ආහාර ගැනීමෙන් පසුව වතුර වෙනුවට සිසිල් බීම හුරු කිරීම, බීම වර්ගයක් නොමැති නම් ආහාර එපා යැයි උද්ඝෝෂණය කිරීම ආදී වූ දේ වේ. එසේම සමාජීය චර්යාවන් වෙනස් කිරීමටද මෙම මාධ්‍ය දැන්වීම් බලපානු ඇත. විවිධ විලාසිතා  අනුගමනය කිරීම, කතාබහ කරන ආකාරය, නව වචන සමාජයට හඳුන්වා දීම ආදිය මෙමගින් සිදු කෙරේ.
මාධ්‍යයන් තුළ දැන්වීම් භාවිත කරනු ලබන්නේ භාණ්ඩ හා සේවා ප්‍රචලිත කිරීම සඳහාය. මෙහිදී එකම ප්‍රභේදයේ භාණ්ඩ කීපයක් පවතින විට ඒවා අතර තරගයක් පවතී. නුතනයේ බොහෝ පුද්ගලයින් අවිවේකි ජිවිත ගත කරන හෙයින් නිවසේ දී ආහාර සකස් කර කර ගැනීම වෙනුවට ක්ෂණික ආහාර සඳහා යොමු වීම, ආහාර සඳහා විවිධ ස්ථාන වෙත යාම ආදිය සිදු කරයි. මේවා නව ජිවන රටාවන් වේ. දැන්වීම්කරණය තුලින් ඉෂ්ට / අනිෂ්ට බලපෑම් ද ඇති වේ. සමහර අවස්ථාවල දී දරුවන්ට ආදර්ශමත් නොවන දැන්වීම් ද ප්‍රචාරණය වේ.
එසේම සමහර වෙළඳ දැන්වීම් මගින් අනවශ්‍ය පෙළඹවීම් ඇති කිරීම ද සිදු කරයි. විවිධ මස් වර්ග මිලදී ගැනීමට, සොසේන්ජස් මිලදී ගැනීමට, විවිධ වූ රක්ෂණ සමාගම් සඳහා වන දැන්වීම් මගින් ද මෙකි පෙළඹවීම් කරනු ලබයි. භාණ්ඩ හා සේවා ප්‍රචලිත කිරීම අරමුණු කරගත් දැන්වීම් මගින් සමාජයට එම පණිවුඩය දෙනු ලබන්නේ තම භාණ්ඩය හෝ සේවාව කෙසේ හෝ ලබා ගන්නා ලෙස පෙන්වා දෙයි. එසේම සමාජය විසින් පිළිගනු ලබන යම් යම් දේ වෙනස් කිරීම සඳහා දැන්වීම් උපයෝගී කර ගනු ලබයි. සංස්කෘතික අංග නවීකරණය කිරීම,විවිධ සිරිත් විරිත් ආදිය වෙනස් කිරීම මින් සිදු වේ. බොහෝවිට දැන්වීම් මගින් ඉලක්ක කරන්නේ ළමා පරපුරය.
විවිධ බිස්කට් ආදිය මගින් ළමා ආකල්ප වෙනස් කිරීමට පොළඹවනු ලැබේ. යම් බිස්කට් එකක් අනුභව කිරීම තුලින් මොලය වර්ධනය වී තැනට සුදුසු ආකාරයට ක්‍රියා කිරීමට ඥානය ලැබෙන බව ප්‍රකාශ කිරීම තුලින් ළමුන් එම බිස්කට් මිලදී ගැනීම සඳහා පෙළඹේ. ඇතැම් දැන්වීමක වැඩිහිටියන් යොදා ගනිමින් ආහාර සඳහා අධික ආශාවක් ඇති කිරීම වැනි වෙළඳ ප්‍රචාරණ ද ඉදිරිපත් කරයි. කෑම පිගාන දුටු විගසින් නැටුමක් නටා එය අගය කරන වැඩිහිටියන් එම ආහාරය කිසි කලෙක තමන් අනුභව නොකළ ආකාරයට රඟ දක්වයි. එය සමාජයට සහ දරුවන්ට අයහපත් ආදර්ශයක් සැපයේ. එසේම තවත් දැන්වීම් මගින් සමාජය තුල හොද ආකල්ප ඇති කිරීමට ද උත්සහ ගනු ලබයි. සිරිත් විරිත් සාරධර්ම හුරු කිරීම, අපේකම ජනයා තුල ගොඩනැංවීම ආදිය මින් සිදු කෙරේ. වැඩිහිටියන්ට ගරු කිරීම, අන් අයට උදව් කිරීම වැනි ගුණාංග ලංකාව වැනි රටවල පවතින බව සමහර වෙළඳ දැන්වීම්වලින් පෙන්වයි. මෙම අදහස් තුලින් තම භාණ්ඩය ප්‍රචාරණය කරවා ගැනීමත් සමග ම සමාජයට පණිවුඩයක් ඉදිරිපත් කරනු ලබයි. 


No comments:

Post a Comment

ඈ බාදුරවකි....

නෙත් යදින බැල්මක  සගවාන මත්බව පහසක  වතිර ගමි තව තවත් ලංව  බාදුරාවක් බව දැන දැනම...