Monday, August 14, 2017

ඈ බාදුරවකි....


නෙත් යදින බැල්මක 
සගවාන මත්බව පහසක 
වතිර ගමි තව තවත් ලංව 
බාදුරාවක් බව දැන දැනම...  

මාධ්‍ය සංස්කෘතියේ සමාජීය බලපෑම..


සමාජය තුල මාධ්‍ය පරිහරණය බහුල වීම නිසා ඒ හා බැඳුනු සමාජ චර්යා රැසක් පහළ විය. එම ජිවන වෙනස්කම "මාධ්‍ය සංස්කෘතියක් " ලෙස හඳුනා ගනී. නව භෞතික සම්පත් සමාජය තුලට දායක වන්නා සේම නව සමාජ චර්යා රටාවන් ද ඒ තුලින් ඇතිවේ. පෙර මිනිසුන් ජනශ්‍රැතිය හා බැඳෙමින් ජිවත් වුවද මාධ්‍ය සංස්කෘතිය ඇතිවීමක් සමග චර්යත්මාක වෙනස්කම් රැසක් සිදුවුණි. 
උදා- කවි, කතා ආච්චි, සීයාගෙන් ඇසු දරුවන් අද ගුවන්විදුලිය රුපවාහිනිය, පරිඝණක, තැටි ඇසුරු කරගෙන සන්නිවේදනාත්මක ව දැනුම තොරතුරු විනෝදය ලබා ගැනීමට යොමු වීම. මෙය චර්යාත්මක වෙනස්වීමක් ඇති කිරීමට හේතුවකි. 
ආකල්පමය වෙනසක් ද මාධ්‍ය සංස්කෘතිය තුලින් ඇති වේ. මිනිසාට දැනුම පිපාසාව, තොරතුරු පිපාසාව මාධ්‍ය සමාජය හඳුන්වාදීම නිසා ඇති වුවකි. මේ අනුව ලොව වටා, රට වටා තොරතුරු එක් රැස්කරගෙන විවිධ විශයකරුණු වලින් පරිණත වී බුද්ධිමය විමසුමකින් ජීවත්වීමට මාධ්‍ය පරිශීලනය තුලින් හැකි විය. මේ තුලින් තොරතුරු ලොවක අප ජීවත්වනවා යන ආකල්පය වෙනස ජනතාව ලබා ගනී. 
මාධ්‍ය සංස්කෘතිය ඔස්සේ නව අදහස්, නව ප්‍රතිරුප ගොඩනගන්නට විය. සමාජයේ හතරවන බලයක් ලෙස මාධ්‍ය ක්‍රියාත්මක වන ආකාරයේ ප්‍රතිරූපයක් මිනිසාට ලබා දී ඇත. මිනිස් ක්‍රියාකාරකම් මෙහෙයවන රටක් මෙහෙයවන, තරමේ ප්‍රතිරුප වර්තමාන ජනමාධ්‍ය තුල පවතී. එසේම දිනපතා නැවුම් බැවින් මාධ්‍ය ප්‍රතිරූප ඉදිරිපත් වේ. 
සමාජය හකුලා දැමීමක් මාධ්‍ය තුලින් සිදු නොවේ. ගතානුගතිකත්වයෙන් මිදි විවෘත ලෝකයක් ලෙසින් සමාජ සන්නිවේදන රටාවන් වර්තමානයේ පහළ වී තිබීමත්, මාධ්‍යහි දියුණුවත් සේම සමාජයේ නවීකරණයවීමක් ද ඉන් ඇති වී තිබේ. ජාලකාර ලෝක සන්නිවේදන රටාව තුල මිනිසාට නව සන්නිවේදන රටාවන් පුරුදු කර ඇත. අන්තර්ජාලය හා සැරිසරමින් ර්- මේල් යැවීම, මුහුණු පොත තුලින් අන්තර්ජාතික මහජන සම්බන්ධතා පවත්වා ගැනීම, ස්කයිප් භාවිතාව ආදී සමාජ නවීකරණ මාධ්‍ය රටාවන් සමග මිනිසා සන්නිවේදන කටයුතු කිරීමට පුරුදු වුයේ මාධ්‍ය සංස්කෘතිය නිසා ඇති වූ "සමාජ නවීකරණ" බලපෑම් නිසාය.  

පරිකල්පනය හා සබැඳි නිර්මාණකරණය ...


නිර්මාණාත්මක සංදේශකරණයේදී පරිකල්පනය අතිශය වැදගත් කාර්ය වේ. නිර්මානකරණයේදී නිර්මාණ විශිෂ්ටත්වයට පත් කළ හැක්කේ පරිකල්පන හැකියාව මගිනි. අපුර්වත්වය නිර්මානයක තිබිය යුතුය. අපුර්වත්වය යනු පුර්වයෙහි නොතිබූ යනුයි. එම අපුර්ව ගුණය ග්‍රාහකයා තුළ රසයක් හෙවත් ආනන්දයක් ජනිත කරයි. මෙකි අපුර්වත්වයකින් යුතු නිර්මාණාත්මක සංදේශයන් නිර්මාණය කළ හැක්කේ පරිකල්පනය තුලිනි. 
පරිකල්පනයේදී විවිධ අත්දැකීම් සහ කල්පනා ලෝකයේ ජනිතවන කල්පනාවන් කිසියම් නිර්මාණාත්මක ප්‍රකාශනයන් ලෙස ප්‍රතිනිර්මාණය කිරීම සිදු වන්නේ පරිකල්පනය මගිනි. පරිකල්පනය යනු යමක් නවමු ආකාරයකින් නැවත නිර්මාණය කිරීමකි. පරිකල්පන හැකියාව පුද්ගලයකුගේ ප්‍රතිභාව අනුව තීරණය වේ. එය වයුත්පත්තිය හා සතත අභ්‍යාසය තුලින් ප්‍රවර්ධනය කළ හැක. 
සංදේශකරණයේදී පරිකල්පන ක්‍රියාවලිය සඳහා සාධක කීපයක් බලපානු ලැබේ. නිර්මාණකරුවා කම්පනයට පත්කල අත්දැකීම් හෝ කල්පනාව මෙන්ම ඔහු ලබා තිබු පෙර අත්දැකීම් හා දැනුමද පරිකල්පනවට හේතු වේ. 

නිර්මාණාත්මක සන්නිවේදකයකු තුළ තිබෙන ප්‍රකාශ වීමේ අවශ්‍යතාව පරිකල්පනය සඳහා පොළඹවනු ලබන සාධකයකි. එය වඩාත් අර්ථවත් කර ගැනීම සඳහා ඔහු ප්‍රගුණ කරගෙන ඇති ශිල්පිය දැනුමද ඉවහල් වේ. නිර්මාණකරුවා තම නිර්මාණය තුලින් සමාජය තුළ කිසියම් වෙනසක් හෙවත් සමාජ කාර්යක් ඉටු කරයි. පරිකල්පනය සඳහා  නිර්මාණකරුවාගේ අත්දැකීම්, ප්‍රකාශවීමේ අවශ්‍යතාවය, ශිල්පිය දැනුම, ජිවන අත්දැකීම් හා නිර්මාණය යන කරුණු වැදගත් වේ. ඒ සඳහා ඔහු තුල තිබෙන ජිවන අත්දැකීම්ද බලපෑම් කරයි. පරිකල්පන ක්‍රියාවලිය මේ සියලු සාධකයන්ගේ බලපෑමට ලක්වේ.  

Saturday, August 12, 2017

මාධ්‍යට විචාරයක් අවශ්‍යයද????


මාධ්‍ය විචාරය යන්න සමාජයක් තුල සමාජීය අවශ්‍යතා මත නිර්මාණය වන්නකි. මාධ්‍ය ග්‍රහණය කරගන්නා සාමාන්‍ය ජනතාවට එය විනිවිද දැක්වීමට ඇති හැකියාව අවම වන නිසා මාධ්‍ය විචාරයක සහය අවශ්‍ය වේ. මෙහිදී ඕනෑම මාධ්‍යයකට පවතින්නා වූ සාක්ෂරතාවන් මාධ්‍ය විචාරකයින් විසින් සමාජයේ පුරවැසියා පවරා දීමට සිදු වේ. සංජානනය ඉහල මට්ටමකට පවත්වා ගැනීමට මාධ්‍ය විචාරකයින්ගේ විචාරයන් ග්‍රාහකයාට අත්‍යවශය වේ. බොහෝ සන්නිවේදන මාධ්‍යන්හි සන්නිවේදනය සංකීරණය. එහි මතුපිට අර්ථයට අමතරව යටි අර්ථයක් ද ගැබ් ව ඇත. එයින් ග්‍රාහකයා වෙත සෘජු පණිවුඩයක් මෙන්ම වක්‍රකාර පණිවුඩයක් ද ගෙන එයි. බොහෝ අවස්ථාවල දී මාධ්‍ය සංදේශයන්හි යටි පෙළ ග්‍රාහකයා හඳුනා නොගනී. ඒ සඳහා ග්‍රහකයට මාධ්‍ය විචාරය උපකාර කරගත හැකිය. 
මෙහිදී විචාරකයා සමාජයේ අවශ්‍යතාවන් පෙරදැරි කරගෙන මාධ්‍ය විචාරයට මැදිහත් වීම නිසා ජනමාධ්‍ය පෝෂණයට එය ඉවහල් වේ. එනම් මාධ්‍ය විචාරය මගින් මාධ්‍යයන් විවරණය වන නිසා මාධ්‍ය නිර්මාණකරුවන්ට තම නිර්මාණ පුළුල් ලෙස විමර්ශනය කිරීමට හැකි වේ. එමගින් මාධ්‍ය විචාරකයා ග්‍රාහකයාගේ ශක්තිය ඉහල නංවයි. එමගින් ග්‍රාහකයා හා මාධ්‍ය අතර සිදුවන සන්නිවේදනය වඩාත් ඉහල මට්ටමකට ගෙන යයි. මාධ්‍ය විචාරකයා මාධ්‍ය ක්‍රියාවලිය වක්‍ර ලෙස මෙහෙයවන්නෙකි. මෙහිදී නිර්මාණකරුවන්ට මාධ්‍ය සංදේශ සකසන්නට වෘත්තීය මට්ටමෙන් ප්‍රතිපොෂණයක් ලබා දෙමින් බලපෑම් සිදු කිරීම මාධ්‍ය විචාරයෙන් සිදු වේ. එමෙන්ම නව නිර්මාණ බිහි කිරීමට තම චින්තනය මෙහෙයවීමට මාධ්‍ය විචාරකයා විසින් නිර්මාණකරුවන්ට මග පෙන්වයි. එසේම මාධ්‍ය ක්‍රියාකාරිත්වය අගයන්නට හා ප්‍රතිපත්ති සම්පාදනයන් සඳහා ද මින් මග පෙන්වයි. රජය මෙන්ම විවිධ ආයතන ද මාධ්‍ය ක්‍රියාකාරිත්වය ඇගයීමට ලක් කරයි. 

නිහඩ කලාකරුවා...


මාධ්‍ය දැන්වීම්කරණයේ සමාජීය බලපෑම


සන්නිවේදනය සඳහා භාවිත වන මාධ්‍යන් තුල සමාජයේ විවිධ වූ දැන්වීම් ප්‍රකාශ වේ. දැන්වීම්කරණය තුලින් සන්නිවේදනය සිදුවන අතර ම සමාජය සඳහා විවිධ බලපෑම් ද එල්ල කරනු ලබයි. විවිධ මාධ්‍ය දැන්වීම් මගින් නව ජිවන පුරුදු ඇති කිරීමට ද පොළඹවනු ලබන අතර, නව ජිවන රටාවන් හඳුනා ගැනීමට ද දැන්වීම් මගින් පෙළඹවීමක් සිදු කෙරේ. ආහාර ගැනීමෙන් පසුව වතුර වෙනුවට සිසිල් බීම හුරු කිරීම, බීම වර්ගයක් නොමැති නම් ආහාර එපා යැයි උද්ඝෝෂණය කිරීම ආදී වූ දේ වේ. එසේම සමාජීය චර්යාවන් වෙනස් කිරීමටද මෙම මාධ්‍ය දැන්වීම් බලපානු ඇත. විවිධ විලාසිතා  අනුගමනය කිරීම, කතාබහ කරන ආකාරය, නව වචන සමාජයට හඳුන්වා දීම ආදිය මෙමගින් සිදු කෙරේ.
මාධ්‍යයන් තුළ දැන්වීම් භාවිත කරනු ලබන්නේ භාණ්ඩ හා සේවා ප්‍රචලිත කිරීම සඳහාය. මෙහිදී එකම ප්‍රභේදයේ භාණ්ඩ කීපයක් පවතින විට ඒවා අතර තරගයක් පවතී. නුතනයේ බොහෝ පුද්ගලයින් අවිවේකි ජිවිත ගත කරන හෙයින් නිවසේ දී ආහාර සකස් කර කර ගැනීම වෙනුවට ක්ෂණික ආහාර සඳහා යොමු වීම, ආහාර සඳහා විවිධ ස්ථාන වෙත යාම ආදිය සිදු කරයි. මේවා නව ජිවන රටාවන් වේ. දැන්වීම්කරණය තුලින් ඉෂ්ට / අනිෂ්ට බලපෑම් ද ඇති වේ. සමහර අවස්ථාවල දී දරුවන්ට ආදර්ශමත් නොවන දැන්වීම් ද ප්‍රචාරණය වේ.
එසේම සමහර වෙළඳ දැන්වීම් මගින් අනවශ්‍ය පෙළඹවීම් ඇති කිරීම ද සිදු කරයි. විවිධ මස් වර්ග මිලදී ගැනීමට, සොසේන්ජස් මිලදී ගැනීමට, විවිධ වූ රක්ෂණ සමාගම් සඳහා වන දැන්වීම් මගින් ද මෙකි පෙළඹවීම් කරනු ලබයි. භාණ්ඩ හා සේවා ප්‍රචලිත කිරීම අරමුණු කරගත් දැන්වීම් මගින් සමාජයට එම පණිවුඩය දෙනු ලබන්නේ තම භාණ්ඩය හෝ සේවාව කෙසේ හෝ ලබා ගන්නා ලෙස පෙන්වා දෙයි. එසේම සමාජය විසින් පිළිගනු ලබන යම් යම් දේ වෙනස් කිරීම සඳහා දැන්වීම් උපයෝගී කර ගනු ලබයි. සංස්කෘතික අංග නවීකරණය කිරීම,විවිධ සිරිත් විරිත් ආදිය වෙනස් කිරීම මින් සිදු වේ. බොහෝවිට දැන්වීම් මගින් ඉලක්ක කරන්නේ ළමා පරපුරය.
විවිධ බිස්කට් ආදිය මගින් ළමා ආකල්ප වෙනස් කිරීමට පොළඹවනු ලැබේ. යම් බිස්කට් එකක් අනුභව කිරීම තුලින් මොලය වර්ධනය වී තැනට සුදුසු ආකාරයට ක්‍රියා කිරීමට ඥානය ලැබෙන බව ප්‍රකාශ කිරීම තුලින් ළමුන් එම බිස්කට් මිලදී ගැනීම සඳහා පෙළඹේ. ඇතැම් දැන්වීමක වැඩිහිටියන් යොදා ගනිමින් ආහාර සඳහා අධික ආශාවක් ඇති කිරීම වැනි වෙළඳ ප්‍රචාරණ ද ඉදිරිපත් කරයි. කෑම පිගාන දුටු විගසින් නැටුමක් නටා එය අගය කරන වැඩිහිටියන් එම ආහාරය කිසි කලෙක තමන් අනුභව නොකළ ආකාරයට රඟ දක්වයි. එය සමාජයට සහ දරුවන්ට අයහපත් ආදර්ශයක් සැපයේ. එසේම තවත් දැන්වීම් මගින් සමාජය තුල හොද ආකල්ප ඇති කිරීමට ද උත්සහ ගනු ලබයි. සිරිත් විරිත් සාරධර්ම හුරු කිරීම, අපේකම ජනයා තුල ගොඩනැංවීම ආදිය මින් සිදු කෙරේ. වැඩිහිටියන්ට ගරු කිරීම, අන් අයට උදව් කිරීම වැනි ගුණාංග ලංකාව වැනි රටවල පවතින බව සමහර වෙළඳ දැන්වීම්වලින් පෙන්වයි. මෙම අදහස් තුලින් තම භාණ්ඩය ප්‍රචාරණය කරවා ගැනීමත් සමග ම සමාජයට පණිවුඩයක් ඉදිරිපත් කරනු ලබයි. 


Monday, August 7, 2017

සෙව්වන්දි ...


මිනිස් හදවත අසලම රැදෙමින් මල් ලොව මල් රැජිනිය ලෙස කිරුළු පලන් රෝස මලේ ඉතිහාසය, ෆොසිල අධ්‍යයනයන්ට අනුව අවු. මිලියන 35 ක් තරම් ඈතට දිව යන්නකි. පුරා විද්‍යාත්මක කැණීම්වලදී පොසිලකරණය වූ රෝස පෙති යුරෝපයෙන් හමුවී ඇති අතර ඊජිප්තු මමියන් අශ්‍රිතව කරන ලද කනිම්වලදීද මමීකරණය කළ දේහයන් සමග තැන්පත් කර තිබු රෝස පුෂ්පයන් සොයා ගැනීමට සමත් වී තිබෙනවා. ඒ වගේම මල් ලොව වඩාත් සංකීරණ වූ උද්භිත පවුලට හිමිකම් කියන්නෙත් රෝස පුෂ්පයයි. රෝස මලේ ව්‍යාප්තිය උතුරු අර්ධගෝලයේ රටවල් ආශ්‍රිතව සිදු වී තිබෙනවා. 
මිත්‍යා කතාවලට අනුව රෝස මලට නම ලැබී ඇත්තේ ඇෆොඩයිට් දෙවියෝ විසින්ය. මල බිහි කර ඇත්තේ මල්වලට අධිපති දෙවගන වූ ක්ලොරිස් විසින්ය.
තවද හින්දු පුරා වෘත්තයකට අනුව බ්‍රහ්ම හා විෂ්ණු අතර ලොව ලස්සනම මල පිලිබඳ පවසා ඇති අතර බ්‍රහ්මයාගේ තේරීම වී ඇත්තේ නෙලුම් මලයි. එහෙත් මිට පෙර බ්‍රහ්ම රෝස මලක් දැක නැත. විෂ්ණු රෝස මලේ රූ සිරි බ්‍රහ්මට විදහා පෑ විට එහි සත්‍යතාව පිළිගත් බ්‍රහ්ම ඊට කෘතවේදීත්වය දක්වමින් ලොකු රෝස පෙති 108 කින් හා කුඩා රෝස පෙති 1008 කින් ලක්ෂ්මියව මවා විෂ්ණුට බිරිද හැටියට සරණ පාවා දුන් බව කියවේ. 
රෝමන් අධිරාජ්‍ය සමයේදී බෝග වගාවට වෙනුවට රෝස මල් වගාවට වැඩි ඉල්ලුමක් පැවති බවට ඉතිහාසයේ කියවේ. රෝම අධිරජයවරුන් විසින් සිය නාන තටාකය රෝස මල් පෙතිවලින් පිරවූ බවත් රෝස මල් ඇතුරූ අතුරණයෙන් මත සැතපී සිටීමට ප්‍රිය කල බව පැවසේ. 

ඈ බාදුරවකි....

නෙත් යදින බැල්මක  සගවාන මත්බව පහසක  වතිර ගමි තව තවත් ලංව  බාදුරාවක් බව දැන දැනම...