වර්තමාන සමාජයේ කාර්මීකරණයට ලක් වීමත් සමග
තාක්ෂණයේ පවතින දියුණුව නිසා ජනමාධ්‍යයේ වර්ධනය වේගවත්ව සිදු වේ. පුවත්පත, රූපවහිනිය
හා ගුවන්විදුලිය යන ජනමාධ්‍යයන් වර්තමාන සමාජයේ ග්‍රාහකයාගේ අත්‍යවශ්‍යය සන්නිවේදනය
අංගයන් බවට පත් වී තිබේ. සමස්තයක් වශයෙන් ගත් විට මාධ්‍ය ආයතන හිමිකම එහි ප්‍රතිපත්ති
කෙරෙහි සෘජුවම බලපෑමක් සිදු කරනු ලැබේ. මාධ්‍ය හිමිකම රාජ්‍ය හෝ පෞද්ගලික ආයතන ලෙස
වර්ගීකරණයට ලක් කල හැකිය. ජනමාධ්‍ය විසින් සමාජයට සිදු කරනු ලබන බලපෑම ප්‍රබලය.
මාධ්‍ය ආයතනයක හිමිකාරිත්වය නිරූපණය වන්නේ අධ්‍යක්ෂක මණ්ඩලය තුලිනි. අධ්‍යක්ෂක
මණ්ඩලයේ ප්‍රතිපත්ති හා තීරණ මාධ්‍ය ආයතනය තුල ක්‍රියාත්මක වේ. එකී ප්‍රතිපත්ති ක්‍රියාත්මක
කරනු ලබන්නේ මාධ්‍යවේදීන් විසිනි. මාධ්‍යවේදියා තමා සේවය කරන මාධ්‍ය ආයතනය තුලදී
බොහෝ විට අන්ධයකු, ගොළුවකු ලෙස ක්‍රියාත්මක වීමට සිදු වන්නේ හිමිකාරිත්වයේ බලපෑම
හේතු වන නිසාය. මාධ්‍යවේදියාගේ ඇස්, කන් හා කට වසා දමන හිමිකරුවන් තම ප්‍රතිපත්තින්
නිර්මාණශීලි ලෙස ග්‍රාහකයා වෙත ගෙන යාම සඳහා මාධ්‍යවේදීන් යොදා ගනී. හිමිකරුවන්
සතු නිර්මාණශීලි නොවන ප්‍රතිපත්තීන් නිර්මාණශීලි බවට පත් කිරීමට මාධ්‍යකරුවන් යොදා
ගනු ලැබේ. මාධ්‍යවේදීන් ප්‍රධන වශයෙන්,- ආයතනයකට සම්බන්ධ මාධ්‍යවේදීන්
- නිදහස් මාධ්‍යවේදීන් ලෙස වර්ගීකරණය කල හැකිය.
නිදහස් මාධ්‍යවේදීන් ලෙස පුරවැසි මාධ්‍යකරුවන්ද
ක්‍රියාත්මක වේ. ආයතනය තුල සේවය කරනු ලබන මාසිකව වැටුපක් ලබන මාධ්‍යවේදීන්
මාණ්ඩලික මාධ්‍යවේදීන් ලෙස හඳුන්වනු ලැබේ. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් තමාගේ සේවය
අනුව දීමනාවක් ලබා ගනු ලැබේ. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කලක් සේවය කිරීමෙන් පසු
මාණ්ඩලික මාධ්‍යවේදියකු බවට පත්විය හැකිය.
හිමිකරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රතිපත්ති
සඳහා ව්‍යාපාරික ප්‍රජාව, දේශපාලඥයින් හා අනුග්‍රාහක ආයතන බලපෑම් කරනු ලැබේ. එකී
බලපෑමට යටත්ව මාධ්‍යවේදියා තම නිර්මාණශිලිත්වය යොදා ගෙන ප්‍රතිපත්ති සකස් කරනු
ලැබේ. තමා සකස් කරන ලද ප්‍රතිපත්ති හා තීරණ ආශ්‍රයෙන් සකස් කරන ලද සංදේශය මගින් ග්‍රාහකයාට
බලපෑමක් සිදු වේ. එය යහපත් මෙන්ම අයහපත් වුවක් විය හැකිය.
තම සංස්කෘතියේ පවතින සාරධර්ම පිරිහෙන ලෙස සංදේශ
නිර්මාණය කිරීම නිසා ග්‍රාහකයාට සිදු වන්නේ අයහපත් වූ බලපෑමකි. එකී යහපත් හෝ
අයහපත් බලපෑම අවබෝධ කර ගැනීමට හෙවත්
ජනමාධ්‍ය මගින් සමාජයට සිදුවන බලපෑම අවබෝධ කර ගැනීම සඳහා ග්‍රාහකයාට මාධ්‍ය
සාක්ෂරතාව තිබීම වැදගත්ය.
Good article
ReplyDeleteවටිනා අදහසක්
ReplyDeletethank you
Deleteයකෝ ප්‍රගතිශීලී මාධ්‍යකාරයො දැන් කොහෙද ඉන්නෙ කියපන්. ජංගි ඇදගෙන කොන්ද කඩාගත්ත එවුන් තමයි හැම තැනම ඉන්නෙ. හිපාටු පාංකඩ මාධ්‍යවේදියො තමයි හැමතැනම ඉන්නෙ. ඔ්ක දිහා කතා කරන්න පුලුවන් වර්තමානයෙ ඉදන් ඒදෙස බැලීමෙන් නෙමෙයි අතීතයෙ ඉදන් වරෙන්. එතකොට දැං මාධ්‍ය නටන ගොබ්බ පාට් ඔක්කොම අහුවෙයි.
ReplyDeleteMadhyawedinta wela thiyna dewl ha ewta hethu monwda kiyla sinhalen dla thiynw.meka liwweth athithayata wada warthamanaya wens bwa watahagena ha anagathaya araksha kra gnna grahakayage wgakima mathak krala denna
DeleteMadhyakarayo koheth innw ek godak aya diha brluwama penw.wedagath wenne balapam wlin madhyawediya kiyna wrurthiya araksha kra genimai.a deke wens wtaha genima oba sathui...
DeleteAsanwara basha vilashaya,madhya pilibanda awabodaya nomathi madhya karayo pilibandawa awaboda kra ganima ha ewani pudgalain madhya wruththiyen iwath kirima grahaka ha madhyawesiyage wgakimak wenw.
DeleteThank you for your comment muvidu nilupul
Deleteනැවත ලිපිය කියවන
ReplyDelete