විල්පත්තු ජාතික වනෝද්‍යානය වයඹ සහ උතුරු මැද යන පළාත් දෙක පුරා විහිදී ඇත. එය ප්‍රමාණයෙන් හෙක්ටයාර 131,696 හෝ වර්ග සැතපුම් 505 කී. 1905 දී මෙය අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබ පසුව 1938 පෙබරවාරි මස 25 වැනිදා ජාතික වනෝද්‍යානයක් තත්වයට උසස් කරන ලදී. 1985 වසරේ සිට අනුරාධපුරයට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයන් සමග විල්පත්තු වනෝද්‍යානය සංචාරකයින්ට තහනම් ප්‍රදේශයක් විය. මෙම උද්‍යානයේ ප්‍රධානතම භූ ලක්ෂණය වන්නේ උල්පත් මගින් ජලය සැපයෙන විවිධ ප්‍රමාණයන්ගෙන් ඇති "විල්ලු" නමින් හැඳින්වෙන ප්‍රදේශය පුරා විසිරි ඇති ස්වාභාවිකව නිර්මාණය වී ඇති වැව්ය.
විල්පත්තුවේ බහුලව ඇත්තේ මිනිසා විසින් සාදන ලද වැව්ය. එහෙත් මේ කෘතීම වැව් සමග ස්වාභාවිකව නිර්මාණය වූ විල්ලු පටලවා නොගත යුතුය. ස්වාභාවිකව වෙරළක් සහිතවීම සහ නොගැඹුරු බව නිසා විල්ලු කෙරෙහි වන ජීවින් ආකර්ෂණය වෙයි. විශේෂයෙන් දිවියෝ ජලය බිමට සහ ගොදුරු දඩයම් කිරීමට විල්ලුවල නිතර සැරිසරති. මෙම ප්‍රදේශයේ විල්ලු 35ක් පමණද වැව් 25 පමණද ඇති අතර ඒවායින් අඩු වශයෙන් 10 ක් පමණ විශාල වැව්ය. මෙම වනෝද්‍යානයේ විශේෂිත අංගයක් වන්නේ නියං කාලයේ පවා සෑමතැනම ව්‍යාප්ත වී ඇති කොළ පැහැති ගස්වල්ය. පාරිසරික විශේෂඥයින් දක්වන්නේ මෙම වනෝද්‍යානය උතුර හා දකුණු දෙපසින් ගංගාවන් දෙකකින් මායිම් වී ඇති බවය.
ඒවා නම් උතුරින් මෝඩගම් ආරු සහ දකුණින් කලා ඔයයි. අප්‍රමාණ විල්ලු සහ වැව් සමග මෙම ගංගාවන් මගින් මෙම උද්‍යානයේ භූගත ජල ප්‍රමාණය ඉහල මට්ටමක පවතින අතර එමගින් ගස්වැල් සශ්‍රික වේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ මේ පිළිබඳව අදහස් දක්වන්නේ ජලාශ බහුලව පැවතීම දැනටමත් කිඹුලන් වැඩි ප්‍රමාණයක් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ජිවත් වන බවත්, එසේම මෙම පාරිසරික තත්වය කිඹුලන්ගේ බෝවීම සඳහා ආධාරකයක් බවය.
Niyamai
ReplyDeletethank you
Deleteniyamyi dr
ReplyDeleteniyamyi dr
ReplyDelete