ස්පර්ශ කල සැනින් සිය පත්‍රයන් හකුලා ගන්නා නිසා සිංහලෙන් "නිදිකුම්බා" ලෙස නම් ලැබුවත් එහි උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ මිමොසා පුඩිකා (Mimosa pudica) යන්නයි. මිමෝසා යනු ග්‍රීක වදනක්. එහි අර්ථය සංවේදී පත්‍ර සහිත යන්නයි. පුඩිකා යන්න ලතින් භාෂාවෙන් පැමිණි නමකි. එහි අර්ථය ලජ්ජාශීලි යන්නයි. ද්‍රවිඩ භාෂාවෙන් තලවාඩි නමින් හැඳින්වෙන නිදිකුම්බා ග්‍රීක භාෂාවේදී හැඳින්වෙන්නේ මිමිකොස් (Mimikos) නමින්. ඉංග්‍රීසි සෙන්සිටිව් ප්ලාන්ට් (sensitive plant) නැත්නම් සිලිපින් ග්‍රාස් (sleeping grass) යනුවෙන් හැඳින්වෙනවා. නිදිකුම්බා අයත් වන්නේ ලෙගුමිනොසියා (Leguminosae) පවුලටයි. නිදිකුම්බා පැළෑටියේ ජන්ම භුමිය වශයෙන් සඳහන් වන්නේ බ්‍රසීලය. නවිකයන්ගෙන් හෝ වෙළෙන්දන් විසින් එය ලංකාවට ගෙන එන්නට ඇතැයි සැක කෙරෙනවා.
ආයුර්වේදීය ඖෂධයක් වශයෙන්ද වැදගත්කමක් උසුලන නිදිකුම්බා තුවාල, වණ ආදිය සඳහා මෙන්ම පිටකොන්දේ අබාධ සඳහා අත්දුටු ගුණ සපයනවා. සාමාන්‍යයෙන් තණ පිටි ආදී විවෘත ඉඩකඩක වැඩෙන නිදිකුම්බා හිරු එලියට දැඩි සේ ඇලුම් කරනවා. හිරු එලිය නොවැටෙන විට කොළ හකුළුවා නින්දට වැඩෙන නිදිකුම්බා අවදිවන්නේ හිරු පායන විටය. අඟල් බාගයක පමණ වටකුරු මලේ ඇට 3,4 ත් අතර ප්‍රමාණයක් අඩංගු වේ. ග්‍රීක පොත පතේ සඳහන් තොරතුරු අනුව නිදිකුම්බා සම්බන්ධයෙන් කල කල අධ්‍යයන වසර 2000 කටත් වඩා පැරණිය.